Foreign News

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලාංකිකයන්ට තහනමක්

ශ්‍රී ලාංකිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල් විසින් තුළට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්. යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවද මෙවර ඊට ඇතුළත්.

නව දිල්ලියේ හතරෙන් එකකට කොරෝනා වෛසරය ශරීරගත වෙලා

දකුණු ආසියානු කලාපයේ වැඩිම කොවිඩ් බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවෙන් ඊයේ හදුනාගත් ආසාදිතයින් 36,810 ත් සමගින් එරට ආසාදිතයින් ගණන එකොළොස් ලක්ෂ පනස් හතර දහස ඉක්මවා තිබේ. මේ අතර, නවතම වාර්තාවකින් හෙළි වී ඇත්තේ නවදිල්ලි නුවර වෙසෙන මිලියන 19.8ක ජනගහණයෙන් හතරෙන් එකකට කොරෝනා ශරීරගත වී ඇති බවය.

ඉන්දියාවේ කොවිඞ් රෝගීන් පසුගිය පැය 24 තුළ 37,724 ක් වාර්තා වෙයි

ඉන්දියාවේ කොවිඞ් රෝගීන් පසුගිය පැය 24 තුළ 37,724 ක් වාර්තා වී අතර ඒ අනුව එරට මුළු කොවිඞ් 19 අගය අද වන විට ලක්ෂ 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 28,732 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් දිනක් තුළ වාර්තා වූ මරණ ගණන 648 ක්.

ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වාර්තාගත ලෙස ආසාදන 484 ක් තහවුරු වී තිබෙනවා. වසංගතය ආරම්භ වූ දා සිට ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ද මෙය වන බවයි එරට නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මයිකල් කිඞ් ප්‍රකාශ කර ඇත්තේ.

කොරෝනාවට බ්‍රිතාන්‍යයෙන් අලුත් ප්‍රතිකාරයක්

කොවිඩ්-19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ. මෙහි මූලික අත්හදාබැලීම්වල දී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව එම සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ප්‍රතිකාරයේදී යොදා ගැනෙන්නේ එක්තරා ප්‍රෝටීනයකි. ඉන්ටෆෙරෝන් බීටා (interferon beta) නමින් හැඳින්වෙන මෙම ප්‍රෝටීනය ශරීරයෙහි වයිරස ආසාදනයක් ඇති වූ විට සාමාන්‍යයෙන් සිරුර තුළ නිපදවෙන ප්‍රෝටීනයක් බැව් සඳහන් වේ. Read More

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,078,700 ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,078,700 ඉක්මවා ගොස් තිබේ. එරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 26,838 කි. කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින අමෙරිකාවෙන් ආසාදිතයන්  3,833,597 ක්, බ්‍රසීලයෙන් 2,075,246 ක් , රුසියාවෙන් 771,546 ක් හමු වී තිබේ.

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාධිතයන් 43 829 ත් සමග එරටින් වාර්තා වන සමස්ත ආසාධිතයන් ගණන විසිලක්රෑෂ 14 738 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ

ඉන්දියාවේ ගංවතුර 50 කට වැඩි සංඛ්‍යාවක් මරුට

ඉන්දියාවේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 50 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. අවතැන් වූ සංඛ්‍යාව මිලියන 2ක් පමණ වන බවයි වාර්තා වන්නේ. විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මකයි. මේ අතර ඉන්දුනීසියාවේ ඇති වූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 16 දක්වා  ඉහළ ගොස් තිබෙනවා. විශාල පිරිසක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනාවක්

ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන්  “අපැහැදිලි” පණිවුඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරයි. කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. කොවිඩ් වැළඳී සුවය ලැබූවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මාස කිහිපයක් තුළඳී බිඳවැටීමේ Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 9 ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවා ගොස් තිබේ. ගත වු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 28,498 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 907, 645ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වෛරසය හේතුවෙන් ඉන්දියා වේ සිදු ව ඇති මරණ සංඛ්‍යාව ද මේ වන විට 23,727 ක් දක්වා ඉහළ Read More

t

o

p