Foreign News

පැය 24ක් තුළ ඉන්දියාවේ ආසාදිතයින් ගණන 75 000 ඉක්මවයි

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 75,995 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව එරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,307,749 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාව තුළ කොරෝනා නැවතත් පැතිරේ

දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය නැවතත් පැතිර යාමේ අවදානමක් ඇතිබව බලධාරීහු පවසති. එරටින් වාර්තාවන නව ආසාදිතයින් ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයක් ආශ්‍රිතව හමුවී ඇති අතර මේ වනවිට ප්‍රාන්ත 17හිම රෝගීන් හමුවන බව වාර්තා වේ.

මෝඩි චීනයට අනතුරු අගවයි

ඉන්දීය දේශසීමාවට අත නොතබන්න යැයි අවධාරණය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අද චීනයට අනතුරු ඇගවීමක් සිදුකළා. 74 වන ඉන්දීය නිදහස් දිනයේදී ජාතිය අමතමින් මෝඩි අගමැතිවරයා මේ බව පැවැසුවා. නවදිල්ලියේ ඵෙතිහාසික රතු බලකොටුවේදීයී අගමැතිවරයා ජාතිය ඇමතුවේ.

දින 100 කට පසුවත් නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවී නැහැ

දින 100 ක් ගතවූ පසුව ද නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවී නැති බව වාර්තා වනවා. එරට සක්‍රීය ආසාදිතයින් 23 දෙනෙක් පමණක් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ ඕස්ට්‍රේලියාවේ සහ වියට්නාමයේ වෛරසය තවමත් සක්‍රීය මට්ටමේ පැවතීම හේතුවෙන් තම රට ද අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි. නවසීලන්තයේ ජන ජීවිතය මේ වනවිට සාමාන්‍ය Read More

ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මරුට

ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම ප්‍රදේශයේ මත්පැන් විකුණන ස්ථාන වසා දමා තිබීම නිසා ඔවුන් සැනිටයිසර් පානය කිරීමට පෙළඹී ඇති බවට සැක කෙරේ.

මැනිලා අගනුවරට සීමාවන් දැඩි වෙයි

පිලිපීනයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාමත් සමග එරට මැනිලා අගනුවර වෛරසය මැඩපැවැත්වීමේ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කළ බව එරට ජනාධිපති රොඞ්රිගෝ ඩුටාර්ටේ පවසනවා. නවීකරණය සහ වැඩි දියුණු කරන ලද ප්‍රජා නිරෝධායනය ලෙස නම් කර ඇති මෙම නව සීමාවන් මැනිලා සහ ලගූනා, කැවිට්, රිසාල්ට්, බුලගන් පළාත්වලට ද පැනවෙනු ඇති බවයි විදෙස් වාර්තාවල Read More

ගත වූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් රෝගීන් දෙලක්ෂ දාහතරදහසක්

ගත වූ පැය 24 තුළ කොරෝනා වෛරස ආසාදිතයන් දෙලක්ෂ 14 000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මේ වනවිට ලොව පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ එක්කෝටි 64ලක්ෂ 4,010ක් ලෙසයි. ඇමරිකාවෙන් ආසාදිතයන් 43ලක්ෂ 71,276ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 49,843ක්. ඇමරිකාව තුළ වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා එරට වසා දමන ලෙස Read More

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලාංකිකයන්ට තහනමක්

ශ්‍රී ලාංකිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල් විසින් තුළට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්. යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවද මෙවර ඊට ඇතුළත්.

නව දිල්ලියේ හතරෙන් එකකට කොරෝනා වෛසරය ශරීරගත වෙලා

දකුණු ආසියානු කලාපයේ වැඩිම කොවිඩ් බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවෙන් ඊයේ හදුනාගත් ආසාදිතයින් 36,810 ත් සමගින් එරට ආසාදිතයින් ගණන එකොළොස් ලක්ෂ පනස් හතර දහස ඉක්මවා තිබේ. මේ අතර, නවතම වාර්තාවකින් හෙළි වී ඇත්තේ නවදිල්ලි නුවර වෙසෙන මිලියන 19.8ක ජනගහණයෙන් හතරෙන් එකකට කොරෝනා ශරීරගත වී ඇති බවය.

t

o

p