Foreign News

කොරෝනා නිසා අමෙරිකාවේ ලක්ෂ දෙකකට අධික පිරිසක් මිය යයි

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් අද වනවිට අමෙරිකාවේ පුද්ගලයින් ලක්ෂ දෙකකට අධික ගණනක් මියගොස් තිබේ. එරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන ලක්ෂ හැත්තෑව ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ට්‍රම්ප්ට විෂ සහිත ලිපිය එවූ කාන්තාව අත්අඩංගුවට

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත උග්‍ර විෂක් අඩංගු ලිපියක් යවා ඇති බවට සැක කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.  කැනඩාවේ සිට නිව්යෝර්ක් ප්‍රාන්ත දේශ සීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  මෙම කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇය සතුව ගිනි අවියක්ද තිබුණු බව සදහන්වේ.

අමෙරිකාව තුළ WeChat තහනම විනිසුරුවරයෙක් වළකයි

චීන සමාගමක් සතු WeChat ජංගම දුරකථන යෙදවුම තහනම් කිරීමට අමෙරිකාව ගත් උත්සාහය එරටෙහි විනිසුරුවරයෙක් විසින් වළකා තිබේ. WeChat වැනි චීනය සතු ජංගම දුරකථන යෙදවුම් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ට්‍රම්ප් පාලනය පවසයි. ඔවුන් පවසන්නේ ඒ ඔස්සේ ග්‍රාහකයන්ගේ තොරතුරු චීන රජයට ලබාගත හැකි බවයි.

ගෙවුණු පැය 24 තුලදි ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 307,930ක් වාර්තාවෙයි

ගෙවුණු පැය 24 ඇතුළත ලොව පුරා 307,930ක වාර්තාගත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. තවද දෛනික මරණ 5,500ක් වාර්තා වීමෙන් සමස්ත මරණ සංඛ්‍යාව 917,417ක් වී ඇත. ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, අමෙරිකාව සහ බ්‍රසීලයෙනි. මේ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු කළ පිරිස මිලියන 28ක් ඉක්මවා ගොස් ඇත.

සුඩානයේ ෂරියා නීතිය ඉවතට

වසර 30 ක් පමණ සුඩානයේ පැවති ෂරියා නීතිය ඉවත් කිරීමට සුඩාන රජය සහ කැරළි කණ්ඩායම අතර අත්සන් කෙරුණු සාම ගිවිසුම් අනුව එකඟ වී තිබේ. එම එකඟතා අනුව රාජ්‍ය ආගම ලෙස ඉස්ලාම් ආගම පිළිගත යුතුය යන්න ඉවත් කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ එබැවින් හිටපු ජනපති ඕමාර් අල්-බෂීර් යටතේ සුඩානය තුළ වසර 30ක් පැවති ෂරියා නීතිය හා Read More

චීන මොබයිල් ඇප් 118ක් ඉන්දියාව තුළ තහනම්

චීන සමාගම්වලට අයත් දුරකතන යෙදවුම් 118ක් භාවිතයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. තම රටේ සෛවරී භාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මෙම පියවර ගත් බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. කැම්කාඩ්, වීචැට් හා පබ්ජී ඇතුළු තවත් දුරකතන යෙදවුම් රැසක් මෙම තහනමට යටත් වනවා. යෙදවුම් තහනම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව හා එයට දැඩි Read More

කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියට අමෙරිකාවේ සහය නෑ

ලොවපුරා ව්‍යාප්ත වි තිබෙන කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියට තමන් සහය නොදක්වන බව අම‍ෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දිනක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය හමුවේ මෙම පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය දරුණුතම අවපාතයකට

කොරෝනා වයිරසයේ බලපෑම නිසා දශක තුනක ඉතිහාසය ඇතුළත ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය දරුණුතම අවපාතයට මුහුණ දී සිටියි. අවුරුද්දේ මුල් මාස තුනට සාපේක්ෂව අප්‍රේල් සිට ජූනි දක්වා කාර්තුවේදී එරට දළ දේශීය නිෂ්පාදනය සියයට 7කින් පහත වැටී තිබේ. 1959 සිට දත්ත විශ්ලේෂණය කරන විට මෙතෙක් ඇති වූ වැඩිම පහත වැටීම මෙයයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ක් වෙයි

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට 80,000 කට ආසන්න වී තිබෙනවා. ඒ අනුව ගතවු පැය 24 දී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 79, 457 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙතෙක් රටකින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන එයයි. ඒ අනුව ඉකුත් සෙනසුරාදා දිනයේදී පමණක් ඉන්දියාවෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78, 761 Read More

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185,000 ඉක්මවයි

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුලදී එරටින් මරණ 1,105ක් වාර්තා වූ අතර රෝගීන් ගණන 49,061 ක් වනවා. අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6,096,235ක් වන අතර මරණ සංඛ්‍යාව 185,901ක් වනවා.

t

o

p