Foreign News

ට්‍රම්ප්ට එරෙහි විශ්වාසභංගය විභාග කිරීමට සෙනට් සභාවේ අනුමැතිය

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සදහා එරට සෙනට් සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනූව ඊයේ පැවති මත විමසීමේදී දෝෂාභියෝග නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට පක්ෂව ජන්ද 56 ක් සහ විපක්ෂව ජන්ද 44 ක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල දෝෂාභියෝග යෝජනාව ව්‍යවස්ථානුකූල බැවින් නඩු විභාගය ඉදිරියට Read More

කසකස්තාන Air astana මත්තලට

කසකස්තානයේ ජාතික ගුවන් සේවය වන air astana සිය මංගල ගමන පසුගියදා එරට අල්මාට් ජාතික ගුවන්තොටුපොළේ සිට මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණියේ සංචාරකයන් 2332 දෙනකු සමඟය. මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ කොවිඩ් 19 පරාජය කරමින් ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් Read More

චීනයේ සිනොවැක් එන්නතට කොන්දේසි සහිතව අනුමැතිය

චීනයේ සිනොවැක් බයෝටෙක් ආයතනය නිපදවූ කොවිඩ් එන්නත වෙළඳපලට නිකුත් කිරීම සඳහා එරට බලධාරීන් කොන්දේසි සහිතව අනුමැතිය ලබාදී තිබේ. ඒ අදාළ එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දුනීසියාව, තුර්කිය ඇතුලු රටවල් රැසක් අනුමැතිය ලබාදී ඇති පසුබිමකය. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 106,342,901 දක්වා ඉහළ ගොස් තිබේ. වසංගතයෙන් ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 2,320,445 කි.

විදේශිකයන්ට කුවේට් රාජ්‍යය වැසේ

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව කොන්දේසි යටතේ ලබන 07 වනදා සිට විදේශිකයින්ට රට විවෘත නොකිරීමට කුවේට් රජය තීරණය කර ඇත. කෙසේවෙතත් කූවේට් වැසියන්ගේ සමීප ඥාතීන් සහ එරට සේවයේ නිරත පුද්ගලයින් සඳහා මෙම තීරණය අදාළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් වාර්තා කරයි.

පර්ත් නගරයට ලැව් ගිනි

කොරෝනා වසංගතය නිසා වසා දමා තිබෙන බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති නගරයක් වන පර්ත් වසා දමා තිබිය දී ලැව් ගිනි තර්ජනයකට ලක් වී තිබේ. දැඩි සුළං නිසා වේගයෙන් පැතිරී යන මේ ගින්න, කිලෝ මීටර් 75ක පමණ ප්‍රදේශයක පැතිර ගොස් ඇත, නිවාස 30ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ. වසා දැමීම් ක්‍රියාත්මක වෙතත් ප්‍රදේශයේ වාසය කරන ජනතාවට ආරක්ෂාව Read More

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලියට කඩා වදියි

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලි අගනුවරට කඩා වැදුණහ. ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාළියකින් දිල්ලි අගනුවරට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය. ගොවීන්ගේ ප්‍රයත්නය වූයේ මාර්ග බාධක බිඳ හෙළමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර Read More

කොරෝනා ආසාදිතයන් හඳුනා ගන්න ‘ගුද’ මාර්ගයත් යොදා ගනියි

දැඩි අවධානමක් සහිත කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මෙලෙස ගුද මාර්ගයෙන් සාම්පල් ලබා ගැනීමට චීනය කටයුතු කර තිබේ.  පසුගිය සතිය තුළදී බිජීං නුවරින් හමු වූ කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම සඳහා මෙම පරික්ෂාව සිදුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා ද මෙම පරික්ෂාව කර ඇති බවට චීන මධ්‍යම රූපවාහිනී සේවය වාර්තා කරයි.

87 හැවිරිදි ලැරී කිං ජීවිත ගමන නිම කරයි

CNN වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලකදී මිය ගොස් තිබේ. මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය. මීට සති කිහිපයකට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු ව රෝහල්ගත කළේය.

ඉන්දීය කොවැක්ස් එන්නත ගැන අනතුරු ඇඟවීමක්

දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ ආසාත්මිකතාව, උණ හෝ රුධිර ගැලීම් වැනි වෙනත් රෝගවලින් පීඩාවිඳින පුද්ගලයින්, භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් පැතීම හෝ එන්නත ලබානොගෙන සිටීම වැදගත් බව එම සමාගම පවසයි. එන්නතෙහි සාර්ථක බව පිළිබඳ දත්ත ලැබීමට ප්‍රථම ව ඉන්දීය රජය විසින් එම සමාගම විසින් නිෂ්පාදනය කළ එන්නත ජනතාවට Read More

කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට

මේ වන විට කොරෝනා රෝගීන් 8,326,115ක් සිටින මරණ 207,160ක් සිටින බ්‍රසීලයේ කොරෝනා රෝගීන් අතරින් සුවය ලබා සිටින්නේ 7,339,703කි. එය වර්තමානයේ කොවිඩ් ආසාදන අතින් 3 වන ස්ථානයේ පසුවේ. එරට වර්තමානය වන විට සිටින කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 8කට ආසන්න වේ. බ්‍රසීලයේ කොරෝනා වසංගතය ඔඩු දිවීමට හේතු වූ එක් කරුණක් නම් එරට ජනාධිපති බොල්සනාරෝගේ වගකීමක් නැති හැසිරීම Read More

t

o

p