Special News

උන් රජ ගෙට අපි පාරට සජිත් නිහඩයි සේවකයෝ සජිත්ට දෙස් තියති හේමා ප්‍රේමදාස බැන පන්නා ගනියි

පසුගිය ආණ්ඩු සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බදවා ගත් සේවකයින් 2500ක් වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග ඉවත් කළ සේවකයින් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණි සිය විරෝධය පළ කළේය. නිවාස අධිකාරිය වෙත සජිත් ප්‍රේමදාස නිවාස ඇමතිවරයා ලෙස සිටියදි බදවා ගත් සේවකයන් 2000 අධික සංඛ්‍යාවක් වත්මන් රජය පත්වීමත් සමග ඉවත් කළද ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කිසිදු Read More

ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩිහිටි දීමනාව අපේක්ෂාවෙන් 137,000ක් පොරොත්තු ලේඛනවල

ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. දැනට වැඩිහිටි දීමනාව ලබන පිරිස 416,667කි. මේ අතර දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරිමට ද සැලසුම් කර ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාලය Read More

චීනයේ කොරෝනා වෛරසය පැතිරෙයි

චීනයේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීන් පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති අතර එම ආසාධිතයන් අතරට බීජිං, ශැංහයි සහ ෂෙන්සෙන් නගර වැසියන් ද අයත්ය. වෛරසය ආසාදනය වූවන් උණ, කැස්ස සහ ස්වසන අපහසුතාවලින් පෙළීමේ ලක්ෂණ පෙන්නුම් Read More

පළාත් කිහිපයකට වැසි

නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි නැගෙනහිර, ඌව සහ උතුරු-මැදපළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන විශේෂයෙන්ම ප.ව.2.00 Read More

කදිරගාමර් ඝාතකයින්ට තොරතුරු දුන් දෙමළ ජාතිකයෙකු ජර්මනියේ දී සිරදඬුවම්

හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණය මගින් දඬුවම් නියම කරයි. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු වන ජී.නවනීදන් නමැති එම පුද්ගලයාට ජර්මානු Read More

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව,රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සදහා මන්ත්‍රීවරුන් නම් කිරීම සදහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද(21) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විතය. එම මන්ත්‍රීවරුන්ගේ නම් පහත පළවන අතර එහි පළමු රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වීමට Read More

චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම අසාමාන්‍ය ලෙස ඉහළට

චීනයේ කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය අසාමාන්‍ය අන්දමින් ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන බලධාරීන් පෙන්වා දෙන්නේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත ද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව ය . මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති බව සදහන් වේ.

චීනය ප්ලාස්ටික් තහනම් කරයි

වරක් පමණක් භාවිතයට ගත හැකි දිරාපත් නොවන බෑග් ඇතුඵ එවැනි නිෂ්පාදන භාවිතය එරට ප‍්‍රධාන නගරවල මෙම වසර අවසන් වන විට තහනම් කරයි. 2022 වසර වන විට මෙම තහනම සියලුම නගරවල ක‍්‍රියාත්මක කිරීම චීන රජයේ අපේක්ෂාව වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය. එහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේදි ගනු ලබන කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතය.

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංගමය සැලසුම් කර තිබේ. අද(20) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද උදෑසන 10.00ට පෙර පැමිණය යුතු බව එම Read More

t

o

p