Special News

හෙට රජයේ නිවාඩු දිනයක්

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස හෙට(16)දින රජයේ මෙන්ම බැංකු සහ වෙලඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ(14) රාත්‍රියේ ඒ බව ප්‍රකාශ කලේය.

ගෙදර යන්න ඕනෑ කිව්ව අයටත් හැදිලා

වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු නිරෝධායන ක‍්‍රියාවලියට විරෝධය පෑ දෙදෙනෙක් බව හෙලිව තිබේ. ගුවන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිරිස් අතර මෙම පුද්ගලයන් දෙදෙනාද වන බව තහවුරු වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ හා අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් Read More

කොරෝනා මඬින්න ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක්

කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නියමයෙන් තීරණ රැසක් ගෙන ඇත. ආණ්ඩුව ජනවාරි මස සිට අනුගමනය කළ ක්‍රියාමර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල වූ අතර වෛරසය පැතිර ගිය රටවල් සළකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බළකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටී. Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

අත්‍යාවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් ඇති වී නැතැයි වෙළෙඳ සංගම් නියෝජිත‍යන් පවසන බව උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ නිසා අනියත බියක් සැකයෙන් යුතුව භණ්ඩ රැස්කරන්න එපා යැයිද තමා ජනතාවගෙන් ඉල්ලන අතර භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන ස්ථාන ඇත්නම් පාරිභෝගික අධිකාරිය වෙත වහාම දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටින බව හෙතෙම Read More

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයන් ගණන 5 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත ඊයේ සහ පෙරේදා වාර්තාවූ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබේ.

සුරතල් සතුන් ගෙන් කොරෝනා බෝවන්නේ නැහැ

කොරෝනා[COVID 19] වැළඳුන ශ්‍රීලාංකිකයන් අපේ රටතුලින්ම හමුවීම හේතුවෙන් මුලුමහත් සමාජයම මහත්වු භීතියකට පත්ව තිබෙනවා. පාසැල් සියල්ල වසාදමා තියෙනවා. ඒ හේතුවෙන්ම බියටපත් ජනතාව මාස ගනනාවකට අවශ්‍ය කෑම බීම ඇතුලු පාරිභෝගික ද්‍රව්‍ය රැස්කර තබාගැනීම සඳහා පෙළඹීම හේතුවෙන් බොහෝ සුපර්මාර්කට් හිස් වෙලා.ඒ අතර මෙම රෝගය පැතිරීම පිළිඹඳ නොයෙකුත් විද්‍යාත්මක නොවන ප්‍රලාපයන් ද පැතිරයමින් තියෙනවා. අපේ රටේ වර්තමාන තත්වය Read More

පූර්ව-මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව මාර්තු මස අවසානයට පෙර නිකුත් කළ යුතුයි

2020 මාර්තු 23 දිනට පෙර රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාවක් මහජනයාට නිකුත් කිරීමේ නීතිමය වගකීම මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සතුය. පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවත්වීමේ ප්‍රකාශය නිකුත් වී සති තුනක් ඇතුළත රජයේ ආදායම සහ වියදම් පිළිබඳ විස්තර, රජයේ ණය ගැනුම් විස්තර ඇතුළත් පූර්ව මැතිවරණ අයවැය වාර්තාවක් Read More

ඉන්ධන සැගවීමට උත්සාහ කළොත් දැඩි පියවර

ඉන්ධන සැගවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇත.  කිසියම් පිරිසක් කෘති‍්‍රම ඉන්ධන හිගයක් මවා පෑමට කටයුතු කරමින් සිටින බවත්, මේ වන විට ඇතැම් ඉන්ධන අලෙවිසැල් ඉදිරිපිට වාහන පෝලිම් ඇති බවටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

සියලු පෙරපාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ. මේ වන විට පාසල්, විශ්වවිද්‍යාලද වසා දමා තිබේ.

දක්ෂිණ අධිවේගයේදී සුඛෝපබෝගී බස් රථයක් ගිණිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව කහතුඩුව අතර ප්‍රදේශයේදී තවත් බස්රථයක් ගිණිගනී. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසම ප්‍රදේශයේදි හදිසි ගිනි ගැනීමකට ලත්ව තිබේ.

t

o

p