Special News

කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහලට

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලෙයි නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බව සදහන්. එමෙන්ම ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුවේට් හි සිට මෙරටට පැමිණ අම්පාර Read More

දින 05ක් තුළ බ්‍රසීලයේ කොරෝනා රෝගීන් අට ලක්ෂය ඉක්මවයි

බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිමක් පසුගිය දින 05 තුළ වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දින 05 තුළ බ්‍රසීලයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව අට ලක්ෂය ඉක්ම වන බවයි. බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන් 805,649 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 41,058 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා ආසාදිතයන් 7,445,945 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7,445,945 දක්වා ඉහළ ගොස් තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 418,137 ක් ලෙසයි. වෛරසය ආසාදනය වූ  3,724,891ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවදුරටත් දෛනික මරණ වැඩිම සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර, ගතවූ පැය විසි හතරේ එරටින් වාර්තාවූ දෛනික මරණ සංඛ්‍යාව 1,300 කි.

විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

පිළිපීනයේ රැදි සිටි ශ්‍රි  ලාංකිකයන් 223 දෙනෙකු ඊයේ(11)රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ඔවුන් ඊයේ (11) රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණි ඇත්තේ ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකිනි. මෙම  පිරිස PCR  පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ.

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

දිවයින පුරා පෙරහුරු ඡන්ද විමසීම් තවත් 16 ක් ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. මහ මැතිවරණයට අදාළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 7 වැනිදා අම්බලන්ගොඩදී පැවත්විය. ඡන්දදායකයන් දෙසීයකට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන මෙම ඡන්ද විමසීම සංවිධානය කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඡන්දය පැවැත්වීමේදී මතුවිය හැකි Read More

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද(12) දිනයේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු මැද Read More

මංගල මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් වීම දේශපාලන ක්‍රියාදාමයක්

මුදල් හා ජන මාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ  මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ ය . හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි Read More

අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ පහරදීම් හේතුවෙන් දුමින්ද නාගමුව රෝහල් ගත කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය වීසින් අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ පහරදීම් හේතුවෙන් රෝහල් ගත කෙරුණි. ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.  

සමගි ජන බලවේගයේ මැති ඇමතිවරුන් සමග එ.ජා.ප ය සාකච්ඡා අරඹයි

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයන්  මැතිවරණයට ඉදිරිපත් වන හිටපු  ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා අරඹා තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උප නායක රවී කරුණානායක ජාතික සංවිධායක නවීන් Read More

පෙරටුගාමීගේ උද්ඝෝෂණය පාලනයට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනයට

කොල්ලුපිටියේ පැවැති උද්ඝෝෂණයක් පාලනය කිරීමේ රාජකාරියේ නියුතු වූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. පසුගිය 9 වනදා කොල්ලුපිටිය ඇමෙරිකා තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණය පාලනය කිරීමේ රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

t

o

p