Special News

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 21 ක්

ඊයේ(07) දිනය තුළ පමණක් ආසාදිතයින් 21දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිඛෙනවා. මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 941ක් වන  අතර වෛරස ආසාදිතයින් 883 කු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මෙරට වාර්තා වී Read More

දිවයිනට අදත් තද වැසි

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම Read More

ඩෙංගු මරණ 22 ක්

ඩෙංගු අවදානම් සහිත කලාප ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ලබන 11, 12, හා 13 යන තෙදින තුළ දිවයිනේ තෝරා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආශ්‍රිතව මෙම ඩෙංගු මර්ධන වැඩසටහක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 22 කු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

නැවතත් වැසි ආපදාවක්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවයක බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50 ඉක්මවන තරමේ වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැකි බවයි. මුහුදු ප්‍රදේශ අනතුරුදායක විය හැකි බැවින් ධිවර හා නාවික Read More

හෙට(08) සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය වෙයි

හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව දුම්රිය සහ බස් රථවල මගීන් ගෙනයාමට උපදෙස් ලබා දි ඇති බවයි. මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේය. මේ අතර Read More

ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා

අද (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වායි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතිනවා. රාජ්‍ය,  පෞද්ගලික යන දෙඅංශයේ ආයතන මෙන්ම කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරන සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි ක්‍රියාත්මක කරන ලෙසයි පොලිස් මූලස්ථානය Read More

කොරෝනා ආසාදිතයින් ගණන 1801 ක් දක්වා ඉහළට

ඊයේ ආසාදිතයින් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1801 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සිව් දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු පුද්ගලයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් ය. කොරෝනා ආසාදිතව පුද්ගලයින් 931 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 858 කි.

නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.   මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read More

විදුලි බිල්පත් සම්බන්ධයෙන් ඇති ගැටලු ඉදිරිපත් කරන්න දුරකථන අංකයක්

විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබෙනවා. එම කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කළේ 011 2 392 607 යන දුරකතන අංකයට සහ 077 0 126 253 යන අංකයට වට්ස්ඇප්, වයිබර් සහ ඉමෝ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ Read More

කහ තිත් පළඟැටි උවදුර උතුරට සහ රත්නපුරයටත් ව්‍යාප්ත වේ

උතුරු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද භෝග වගාව ආශ්‍රිතව කහ තිත් පළඟැටි උවදුර වාර්තා වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, දින කිහිපයක් තුළ එම තත්ත්වය දිවයිනේ ප්‍රදේශ රැසක් කරා ව්‍යාප්ත වී ඇති බවයි. මෙම තත්ත්වය පළමුව වාර්තා වූයේ කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙනි. ඉන්පසුව එය මීරිගම කෑගල්ල වැනි ප්‍රදේශ Read More

t

o

p