Special News

මැතිවරණ ජය කොරෝනා ප්‍රතිශක්තිකාරකයක්ද?

17 වන දා රාත්‍රී රූපවාහිනීර ප්‍රධාන ප්‍රවෘත්ති මගින් ඩෙන්මාර්කය මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට යන බව පැවසිණ. . මෙතෙක් ආසියානු රටවල් වන ජපානය, හොංකොං, සිංගප්පූරුව, ඉන්දියාව , ලංකාව මෙන්ම එංගලන්තය, ප්‍රංශය ඇතුළු බොහෝ යුරෝපීය රටවල්ද , ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ඇතුළු බොහෝ ප්‍රාන්තද මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කරති. එම නීතිය කොරෝනා Read More

නව කථානායක මහින්ද යාපා

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද පත්විය.   ඒ ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝනාවකට අනුවයි.   එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

එ.ජා.පයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම කෙනා රනිල්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිවිශිෂ්ට දැනුම ,අත්දැකීම් ,පළපුරුද්ද සහ භාවිතය සමග සම කරන්නට  ලංකා පාර්ලිමේන්තුවේ කිසිවකුත් නැතැයි ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැකෙන සලකුණක් වූ එතුමා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කණගාටුවට පත්වන්නේ යැයිද සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය . එක්සත් ජාතික පක්ෂයේ ජාතික Read More

අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක්

මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙරට ආර්ථික රටාව,රැකියා වෙළඳපොළ ආදි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට Read More

ශ්‍රී මහ බෝමළුවෙන් මතු වූ කලියුගයේ පැතුම් ගස

තම සිතුම් පැතුම් අරමුණු, ප්‍රාර්ථනා ඉටු කරගැනීම සඳහා කෙටි, පහසු, විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමු වීම නූතන සමාජ විලාසිතාවකි. පරිභෝජනවාදී සමාජ ආර්ථිකයේ දුර්දාන්ත ලක්‍ෂණයක් වන මෙය නූතන සමාජයේ අල්ලස, දූෂණය ආදී නීති විරෝධී ක්‍රියාවන් වඩාත් කුළුගැන්වීමට සමත් සාධකයක් වී තිබේ. තම පැතුම්, අරමුණු ඉටු කරගැනීම සඳහා මෙසේ කෙටි, පහසු විකල්ප ක්‍රම තෝරා ගැනීම ලෞකික සේම අධ්‍යාත්මික Read More

අගමැති මාධ්‍ය ලේකම් තනතුරට රොහාන් වැලිවිට

අග්‍රාමාත‍්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.   රොහාන් වැලිවිට මහතා,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් ඊයේ(18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.   ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාරහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද Read More

පසුගිය මාස 18 ට ළමා අපයෝජන නඩු 12,968ක්

පසුගිය මාස 18 ක කාලය තුළ ළමා අපයෝජන නඩු 12,968 ක් අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න පවසනවා. ඇය සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ අවම කාලයකින් ළමා අපයෝජන නඩු මෙපමණ ප‍්‍රමාණයක් අවසන් කළ පළමු අවස්ථාව මෙය වන බවයි.

‘සුද්දා‘ STF අත්අඩංගුවට

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නලින් චතුරංග නොහොත් “ලඩියා” යන අයගේ සමීපතමයෙකු ලෙස සැළකෙන යොහාන් ප්‍රදීප් කුමාර නොහොත් “සුද්දා” නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   ඊයේ පස්වරු 06.0 ට පමණ හෝකන්දර උතුර ප්‍රදේශයේදී මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ලද දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කනගාටුවක් තිබෙන බව එම පක්ෂ මහලේකම් බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න අපි සූදානම් නැහැ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කිරීමයි අපට කරන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට චන්ද්‍රිකා මැතිනිය සැලකුවා වගේ තමයි Read More

නිවසක වගා කරන ලද ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට

ගෙවත්තක වගා කරන ලද ගංජා සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගෙවතු තුළ සූක්ෂම ලෙස මෙම ගංජා වගා කර තිබූ බවයි පොලීසිය පවසන්නේ. දඹගොල්ල, කටුකැලියාව, කැකිරාව හන්දිය යන ප්‍රදේශවල ගෙවතු පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම ගංජා ශාක සොයා ගැනුණා. කහටගස්දිගිලිය පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම් සිදු කෙරුණේ.

t

o

p