Special News

රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ රුධිර පීඩනයෙහි දැඩි උච්චාවචනයන් හේතුවෙන් හයිද්‍රාබාද්හි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් -19  පරික්ෂාවක් ඔහුගේ සිදු කර ඇති අතර  කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණද, ඔහුගේ රුධිර පීඩනය දැඩි උච්චාවචනයන් පෙන්නුම් කරන් නිසා ඔහු රෝහලට ඇතුළත් කර ඇති වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බව රෝහලෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ. Read More

ධීවර පනත සංශෝධනයට පියවර

ධීවර පනත සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. 1996 අංක 02 දරණ ධිවර පනත ක්‍රියාවට නැංවීමේදී නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටළුකාරී තත්වය නිරාකරණය කිරීමට අවශ්‍ය සංශෝධනයන් හා නීතිවිරෝධි ධිවර කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව ගන්නා වු නීතිමය ක්‍රියාමාර්ගයන් ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

තවත් කොවිඩ් ආසාදිතයන් 500 ක් – වේලුවනාරාම ප්‍රදේශය හුදකලා වෙයි

තවත් කොවිඩ් රෝගීන් 500 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මෙම 500 දෙනා තුළ පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 448 ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 52 ක් හඳුනා ගෙන ඇත. ඒ අනුව දිවුලපිටිය ,පෑළියගොඩ කොවිඩ් පොකුර හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36599 ක් දක්වා ඉහළ ගොස් ඇත. කොළඹ 09, වේලුවනාරාම පාර Read More

ඊයේ සිදුවූ රිය අනතුරු 5 කින් තරුණයන් 4 ක් මියයයි.

මෝටර් රථ අනතුරු කිහිපයක් හේතුවෙන් ඊයේ (25) මියගිය පුද්ගලයින් 5 දෙනා අතර තරුණයන් සිව්දෙනෙකු ද විය එම මරණ පහ අතර වයස අවුරුදු 27 ට අඩු පිරිමින් ද විය. වැල්ලවාපය – තනාමල්විල පාරේ වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ. 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු යතුරුපැදිය පදවාගෙන යාමෙන් මියගොස් තිබේ. ඇඹිළිපිටිය – නෝනගම Read More

එළවළු මිල යළි ඉහළට

ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීම හේතුවෙන් එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ. එළවළු වර්ග රැසක මිල රුපියල් 100 ඉක්මවා යනු ඇති බව වාර්තා වෙයි.

නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, දුරස්ථභාවය තබා නොගැනිම සහ මුව ආවරණ නොපැලඳීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් Read More

බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය ප්‍රංශයෙනුත් හමුවෙයි

බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ලන්ඩනයේ සංචාරයක නිරතව සිට එරටට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු නව ආසාදිතයා ලෙස හඳුනාගත් බවයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ධම්මික පැණියට අනුමැතිය ලැබුණු කතාව බොරුවක්! ආයුර්වේද වෛද්‍යවරු කණස්සල්ලෙන්

කෑගල්ලේ , ධම්මික බණ්ඩාර නැමැත්තා කාලි ආරූඪයෙන් සොයාගත් බව කියන කොරෝනා මර්දන පැණියට තවමත් ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ අනුමැතියක් ලබාදී නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමය වෙනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වන එහි සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරන මහතා පවසන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මඟින් මෙම පැණිය සඳහා අනුමැතිය ලබාදී  ඇත්තේ වැඩිදුර පර්යේෂණ සදහා Read More

අංගොඩ ලොක්කා ගෙන්වූ බව කියන විදේශීය ගිනි අවි 2 ක් සොයා ගනී

අංගොඩ කැළණිමුල්ල ප්‍රදේශයේ පාළුවට ගිය ඉඩමක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත නවීන පිස්තෝල 2 ක් හා පෙතොරොම් සමග එක් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා නැමැත්තා මෙරටට ගෙන්වන ලද පිස්තෝල විය හැකි බව පොලිසිය සැක කරයි. ඔහු ඉන්දියාවේදී ඝාතනය වූ Read More

මේ දිනවල කෑගල්ල අවට රහසිගත “පැණි” ජාවාරමක්!

               කොරෝනා සුව කරන ඖෂධයක් ලෙස ජනතාව අතරේ ප්‍රචලිත ව පවතින ධම්මික පැණිය ලෙස  හඳුන්වන පාන වර්ගයක් කෑගල්ල අවට ප්‍රදේශ කිහිපයක බෝතල් කාලක් රුපියල් දහසත් එක් දහස් පන්සියයත්  අතර ගණන් වලට හොර රහසේ විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබෙමින් තිබේ. උඩුකුඹුර, නෙළුම්දෙණිය, අඹේපුස්ස, වරකාපොළ, රඹුක්කන, දන්ඕවිට, මාහේන, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, Read More

t

o

p