Special News

චීන එන්නතට අනුමැතිය දීම ගැන වෛද්‍යවරු කළකිරෙති

චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති සිනෝපාම් (Sinopharm) එන්නත මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් විසින් එහි ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක නොමැති බව පවසා ශ්‍රි ලංකාවේ භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කර තිබියදී එම අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කොට එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම අත්තනෝමතික Read More

රසායනික අඩංගු පොල්තෙල් බවට සැක තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

විෂ රාසායනික අඩංගු බවට හෙළිව තිබෙන ආනයනික පොල් තෙල් බවට සැකපිට පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මෙලෙස පොල් තෙල් ලීටර් 27,500ක් සහිත බවුසර් දෙක ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත. තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, Read More

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක් Read More

යූ – ටියුබ් නාලිකාවක් හා වෙබ් අඩෙවියක් මගින් එල්.ටි.ටි.ඊ ය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනගාය බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යු-ටියුබ් නාලිකාව සහ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ ස්ථානයක් අද (29) දින පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථානය භාරව සිටි කාන්තාව හා පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගත් Read More

රේගුවේ ප්‍රමාදයෙන් විසිතුරු මසුන් ජීවිතක්ෂයට

ප්‍රති අපනයන ව්‍යාපෘතියකට අදාළව පුද්ගලික ආයතනයක් විසින් සිකුරාදා (26) මෙරටට ගෙන්වනු ලැබූ මඩුවන් ඇතුළු විසිතුරු මසුන් විශාල ප්‍රමාණයක් රේගු නිළධාරීන්ගේ ප්‍රමාදවීම් නිසා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. ධීවර හා ජලඡ සම්පත් දෙපාර්තමේන්තුවේ අවසරය මත මෙම මසුන් මෙරටට ආනයනය කර ඇත. මෙරටට ගෙන්වීමෙන් පසුව මෙම මසුන් නිදහස් කිරීමට ආනයනය හා අපනයන පාලකවරයාගේ අවසරය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත Read More

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක්…

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුළ රැස්වීමට සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට එහිදී එකඟතාවය පල විය. මෙම තීරණ ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය Read More

රිය අනතුරකින් පියා සහ දරු දෙදෙනා මරුට

යාපනය, පලෙයි, ඉත්තාවිල් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පියා හා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය පැවසූවේ මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය. අනතුරින් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 38ක් වන පියා, වයස අවුරුදු 14ක් හා 11ක් වන දරුවන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

අද (28) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ද ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල Read More

විදෙස්ගත ශ්‍රමිකයින්ට නොමිලේ නිරෝධායන පහසුකම්

‍මෙරටට පැමිණීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ගෙවීමේ හැකියාවක් නොමැති සියලු ශ්‍රමිකයින් නොමිලේ නිරෝධානය කිරීමට රජය තීරණය කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, ඒ සඳහා හෝටල් 15ක කාමර 800 ක් වෙන් කරගෙන ඇති බවයි. දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් සංඛ්‍යාව 35,000 කට ආසන්න වේ.

තෙන්ඩුල්කාර්ට කොරෝනා

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව තෙන්ඩුල්කාර්ට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ය.

t

o

p