Special News

ඇදිරි නීතිය නොතකා විරෝධතා

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයන විරෝධතාවක් මේ වන විට මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙයි. එම පිරිස් සටන් සහිත විශාල පුවරු සහිතව මෙසේ විරෝධතාවයේ යෙදී සිටිති.

සියළු සමාජ ජාලා අවහිරයි

සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළට

කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි. මෙම මිල ඉහළ නැංවීම දේශීය සහ ආනයනික සිමෙන්ති වර්ග දෙකටම අදාළව ක්‍රියාත්මක වෙයි.

රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව,ඊයේ (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට Read More

ගෑස් නැවක් ආපසු යයි

මෙරටට ගොඩ බෑම සඳහා රැගෙන විත් තිබූ ගෑස් සහිත නෞකාවක් මුදල් ගෙවා නිදහස් කර ගැනීම නොහැකි වීම මත ආපසු හරවා යවා තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් වන මෙය ගෙන්වා ඇත්තේ ලාෆ් ගෑස් සමාගම විසිනි.

මහජන හදිසි අවස්ථා තත්ත්වයක්

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනාධිතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 01 වැනිදා(ඊයේ) සිට දිවයින පුරා හදිසි නීතිය පැනවෙන බවයි. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, Read More

නුවරඑළිය වසන්ත උදානයට මහජන විරෝධයක්

අද දින නුවර එලිය නගරාධිපතිවරයා උත්සව භූමිය විවෘත කරන අවස්ථාවට කඩාවැදුණ පිරිසක් ආරක්ෂක නිලධාරීන්ගේ බාධක බිදගෙන භූමියට ඇතුළුවී ‘හොරා හොරා මහින්ද හොරා’ කියමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නම කියමින් විරෝධය පළ කළ අතර අද දින උත්සවයට ශිරන්ති රාජපක්ෂ අගමැති ආර්යාව සහභාගීවන ආරංචිය නිසා එම පැමිණීම මෙන්ම උත්සවයද නතර කරන ලෙස ඉල්ලා විරෝධය පළ කර තිබේ.

ජනපති පළවා හැරීමට ජනතාව වීදි බසිති

මිරිහාන ප්‍රදේශයේ ජනපතිගේ නිවස ආසන්නයේ සිදුවූ විරෝධතාවන් ගැන අද දින ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශේෂ පුවත් වාර්තා කර තිබේ. අල්ජසීරා,වොෂින්ටන් පෝස්ට්,ඒපී,ඒඑෆ්පී හා හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු මාධ්‍ය මගින් මේ වනවිට ඡායාරූප සහිතව පළ කර ඇති විස්තර වලින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනපති පළවා හැරීමට ජනතාව වීදි බැස ඇති බවයි. ආර්ථික අර්බුදකාරී තත්වය දේශපාලන අර්බුදයක් දක්වා දික්ගැසී ඇති Read More

මිරිහානේට පළමු වතාවට විදුලිය විසන්ධි වෙයි

ඊයේ රාත්‍රියේ(31) උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා ප්‍රදේශය පුරා විදුලිය විසන්ධි කල අතර මෙම ප්‍රදේශයට විදුලිය විසන්ධි වන්නේ මුල් වතාවට බවද පැවසිණි.

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව එම ගාස්තු සංශෝධනය ක්‍රියාවට නංවන දිනය ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි. දුම්රිය ගාස්තු සංශෝධනයට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළේ ඉන්ධන මිල ඉහළ යාම සැළකිල්ලට ගෙන බව සදහන් කරයි.

t

o

p