Special News

රුපියල් මිලියන 487ක් වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 487ක් පමණ වටිනා විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගන්නා ලදී. නාවික ලේඛන වල රෙදි රෝල් 266ක්අඩංගු බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම දුම්වැටි මෙරටට ගෙන්වා ඇති බවත් අදාළ දුම්වැටි සහිත බහාලුම තුළ Read More

විරෝධතාවෙන් පසු අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව 27 වන සඳුදා සිට අදියර කිහිපයක් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ උණුසුම් තත්ත්වයක්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය තුළට පිවිස මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. තොරතුරු වාර්තා වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පා ගමනින් පැමිණ අමාත්‍යාංශය තුළට ඇතුළුවී එම පරිශ්‍රය තුළ විරෝධතාවයක් ආරම්භ කර Read More

භූ කම්පන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

පෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 Read More

බිත්තර මිලියන දෙකක් මේ සතියේ දිවයිනට

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිතය. ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජපානයේ වෙරළකට ගෝලයක් ගොඩ ගසයි

ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා ඇති විශාල ලෝහමය ගෝලයක් හේතුවෙන් එම ජනතාව විමතියට පත්ව ඇති බව විදෙස් වාර්තා කරයි. මීටර 1 දශම 5ක් පමණ පළල මෙම ගෝලය මතුපිට මළ බැදී ඇති බවයි ජපාන වාර්තා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ.

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

බුත්තල වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද (22) දින පෙරවරු 11.44 ට වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.3ක අගයක් බවද එම නිවේදනයේ සදහන් වේ. මෙම භූ කම්පනය නිසා හානි සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ Read More

මැතිවරණ කාර්යාලයට හදිසියේම දැඩි ආරක්ෂාවක් යොදවයි

මැතිවරණ කාර්යාලය සහ ඒ අවට දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබේ. ඒ, මේ වන විට මැතිවරණ කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙනි. සමාජවාදී තරුණ සංගමය සංවිධානය එම විරෝධතාව සංවිධානය කර තිබේ. මෙම විරෝධතාවය හේතුවෙන් සරණ මාවත ද සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

ශ්‍රී ලංකාවට සහනයක් ලබාදීමට අවධානය

ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) ආරම්භ වෙයි. G20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ මෙම සමුළුවේදී සලකාබැලීමට නියමිතය.

වනිඳු පාකිස්ථාන සුපර් ලීගයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ අනුව ඔහු වෙනුවට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කයිස් අහමඩ් කැදවීමට නියමිතයි. වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වනිදු හසරංග පාකිස්ථාන සුපර් Read More

t

o

p