Special News

රාමසාන් දිනය අදයි

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල රැසක ඉස්ලාමීය බැතිමතුන් අද(22) ඊදුල් ෆිත්ර් හෙවත් රාමසාන් උත්සවය සමරයි. රාමසාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය රකී. මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයකි. මේ කාලය තුළ Read More

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවකින් රුසියාවටම ප්‍රහාරක්

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස අත් වැරදීමකින් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේන දේශ සීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නම් නගරයටයි. ඒ හේතුවෙන් එම නගරයේ ගොඩනැගිලි වලට හානි සිදු වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. එස්යූ-34 සූපර් සොනික් ප්‍රහාරක Read More

පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත් ගැන නිවේදනයක්

සියලුම පාසල් සිසුන් සඳහා මැයි මස 15 වනදා වනවිට පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බවයි. එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබා දී අවසන් අතරම මැයි මස 15 වනදා Read More

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල් වලට ළමුන් ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ, 2023.04.20 දින දහවල් 12.00 සිට 2023.05.08 දින රාත්‍රී 12.00 දක්වා කාලය අයදුම්පත් කැදවීම සඳහා වෙන් කර ඇති බවයි. https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් Read More

අතුරුදන් වූ ලක්ෂ 50 ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය. මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ Read More

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 44 කි. දුඹුරු බිත්තරයක් අලෙවි කළ යුත්තේ රුපියල් 46 කටයි. මේ අතර සුදු බිත්තර කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි මිල රුපියල් 880 ක් බවත් දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක මිල රුපියල් Read More

උණුසුම් කාලගුණය මේ මස අවසන් වන තෙක්

උණුසුම් කාලගුණය මේ මස අවසන් වනතෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි පර්යේෂණ සහ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ අද (20) දිනයේත් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ යන පළාත්වලට දැඩි උණුසම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි. එම පළාත්වලට අමතරව මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බව Read More

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී නුවරඑලිය සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඒ.එස්. සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලිමඩ පොලිස් වසමේ උඩවල පාර, හපුවත්ත, Read More

ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රෝහල්වලට ප්‍රතිපාදන

මෙරට රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ, මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බවයි. මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම Read More

සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට සුදානම්

2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම පැල්මඩුල්ල,කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී Read More

t

o

p