Gallery

බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණාත්මක කුසලතා ඇගයෙන චිත්‍ර ප්‍රදර්ශණය

දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුල රඳවා සිටින රැඳවියන් අතරින් ස්වකීය දක්ෂතාවයන් සඟවා සිටි පිරිසක් හඳුනාගෙන ඔවුන් වඩාත් දක්ෂ නිර්මාණ කරුවන් බවට පත් කිරීමේ අරමුණින් රැදවියන්ගේ නිර්මාණාත්මක කුසලතා ඇගයෙන චිත්‍ර ප්‍රදර්ශණය 2020.03.02,03. හා 04 යන දිනයන්හි කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහන භාර දුන් කථානායක

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දුන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලය ට සමු දුන්නේය. සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව හෙතෙම කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කළේය.

“කරු ජයසූරිය” චරිතාපදාන කෘතිය ජනගත කරයි

“කරු ජයසූරිය” චරිතාපදාන කෘතිය ජනගත කිරීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. ප්‍රධාන වශයෙන් ම යොවුන් පාර්ලිමේන්තුව වෙත එම කෘතිය පිරිනැමුණේ කථානායකවරයා ගේ අදහසක් අනුවය. යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් වෙත පොත පිළිගන්වන අවස්ථාව.

මීගමුව කඩොලාන පද්ධතිය වැනසීමට එරෙහි උද්‍ඝෝෂණය

මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාව දැනුවත් කිරීමේ පා පැදි සවාරියක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීය. පක්ෂය ගම්පහ ජනතාව හමුවන ‘ගම්පහට සතියක්’ වැඩසටහන යටතේ මෙම පාපැදි සවාරිය සහ උද්ඝෝෂණය සංවිධානය කෙරිණි. මීගමුව බසියාවත්ත සිට මීගමුව නගරය දක්වා පැමිණි ඔවුහු මීගමුව නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෙනසක තාරු‍ණ්‍ය, මීගමුවේ අපි සහ Read More

කථානායක අගරදගුරු හමුව

කථානායක කරු ජයසුරිය මහතා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් අගරදගුරු නිල නිවසේ දී බැහැ දැකීය. කථානායක ධූරයේ වගකීම ඉටු කිරීමේ දී මෙන්ම, දේශපාලන ජිවිතය පුරාම රට වෙනුවෙන් අවංකව කැපවිමෙන් සේවය කල ජනතා නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන්තුල විශාල ප්‍රසාදයක් ඇති බව මෙම හමුවේදී සඳහන් කල අගරදගුරුතුමන් කථානායකවරයාට තවදුරටත් රට වෙනුවෙන් සේවය Read More

ජනතාද්‍රෝහී ඇමෙරිකානු ගිවිසුම් ඉරා දමනු

දේශ ද්‍රෝහී ගිවිසුමට විරුද්දව පාරට බහින්න.ජනතාද්‍රෝහී ඇමෙරිකානු ගිවිසුම් ඉරා දමනු – අන්තර් භික්ෂූ බල මණ්ඩලයෙන් විරෝධය. රත්කරව්වේ ජිනරථන හිමි, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු පිරිසක් සහභාගි විය

චීන තානාපති සහ කථානායක කරු ජයසුරිය අතර හමුවක්

චීන තානාපති චෙංග් ෂියුආන් (Cheng Xueyuan) මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් කථානායක නිල නිවසේදී පැවැත්විණි. එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී. මෙම අභියෝගය ජය ගැනීමේදී මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව චීනය සමඟ නොසැලී සිටින බව මෙම හමුවේදී කථානායකතුමන්, Read More

t

o

p