Gallery

ගුවන්හමුදා‍‍ව ගුවන් ගිලන් රථයක් හදයි

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 08 සැහැල්ලු ප්‍රවාහන බලගණය විසින් වයි -12 වර්ගයේ යානාවක් ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කර ඇත. විශේෂයෙන් නිර්මාණය කරන ලද වෛද්‍ය ඇදුම් කට්ටලයක් යොදා ගනිමින් අසාද්‍ය තත්ත්වයේ, හුස්ම ගැනීමට අපහසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය Read More

එස්.ටී .එෆ් විරුවෝ සුනඛ කුසගිනි නිවති

පොළොන්නරුව ,අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් බකමූණ ප්‍රදේශයේ කොරෝනා විෂබීජහරණ වැඩ සටහනක් නිමවා ආපසු යමින් සිටියදී ගිරිතලේ වැව් තාවුල්ලේ සංචාරකයන් විසින් හෙලන ලද පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපදාව්‍ය එක් රැස් කිරීමේ වැඩ සටහනක යෙදුණු අතර මෙතෙක් සංචාරකයන් ගෙන් යැපුන. මේ දිනවල කුසගින්නේ පෙළෙන සුනඛයන් හට තමන් රැගෙන ගිය බත් පතින් කොටසක් Read More

නිරෝධායන මධ්‍යස්ථාන වෙත රුපියල් මිලියන 1.5 වටිනාකමකින් යුක්ක රයිස් කුකර්

දකුණු කොරියාවේ ගොල් කෝස්ට් සමාගමේ සභාපති SONG JAECHO මහතා සහ ශ්‍රී ලංකාවේ දහම්සා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ බුද්ධික චතුරංග මහතා එක් වී කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කොට දිවයිනේ පිහිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඉහළ වටිනාකමකින් යුක්ක රයිස් කුකර් තොගයක් ලබා දීම පසුගිය දා ගුවන් හමුදාව වෙත Read More

STF සත්ව කරුණාව

මේ දිනවල නගරබද ප්‍රදේශ වල පවත්නා ජනශුන්‍ය තත්වය මුල්කොට නිවාස අහිමි සුනඛයන් දැඩි ආහාර හිඟයකින් පෙළෙන බව ප්‍රකට කරුණකි. එවන් පසුබිමක් තුළ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙන පොලිස් විශේෂ කාර්‍ය බලකා STF සෙබළුන් තමන්ට කඳවුරෙන් එවන බත් පතින් කොටසක් එම ප්‍රදේශ වල සැරිසරන නිවාස අහිමි සුනඛයන්ට දීම පුරුද්දක් කොට ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ Read More

මාර්තු 12 ව්‍යාපාරය

ගෞරවාන්විත දේශපාලන සංස්කෘතියක් සඳහා ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් සැකසුණු මාර්තු 12 ව්‍යාපාරය මගින් සම්මන්ත්‍රණයක් හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී   පැවැත්විණ. මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්, නිලධාරීන් පිරිසක් මෙන්ම සියළුම දේශපාලන පක්ෂ වල නායකයින් හෝ නියෝජිතයින් සිවිල් සමාජ ක්‍රියාකරුවන් සහ කළාකරුවන් ඇතුළු විද්වතුන්ද මෙම අවස්ථාවට සහභාගී Read More

බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණාත්මක කුසලතා ඇගයෙන චිත්‍ර ප්‍රදර්ශණය

දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුල රඳවා සිටින රැඳවියන් අතරින් ස්වකීය දක්ෂතාවයන් සඟවා සිටි පිරිසක් හඳුනාගෙන ඔවුන් වඩාත් දක්ෂ නිර්මාණ කරුවන් බවට පත් කිරීමේ අරමුණින් රැදවියන්ගේ නිර්මාණාත්මක කුසලතා ඇගයෙන චිත්‍ර ප්‍රදර්ශණය 2020.03.02,03. හා 04 යන දිනයන්හි කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහන භාර දුන් කථානායක

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දුන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලය ට සමු දුන්නේය. සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව හෙතෙම කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කළේය.

“කරු ජයසූරිය” චරිතාපදාන කෘතිය ජනගත කරයි

“කරු ජයසූරිය” චරිතාපදාන කෘතිය ජනගත කිරීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. ප්‍රධාන වශයෙන් ම යොවුන් පාර්ලිමේන්තුව වෙත එම කෘතිය පිරිනැමුණේ කථානායකවරයා ගේ අදහසක් අනුවය. යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් වෙත පොත පිළිගන්වන අවස්ථාව.

මීගමුව කඩොලාන පද්ධතිය වැනසීමට එරෙහි උද්‍ඝෝෂණය

මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාව දැනුවත් කිරීමේ පා පැදි සවාරියක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීය. පක්ෂය ගම්පහ ජනතාව හමුවන ‘ගම්පහට සතියක්’ වැඩසටහන යටතේ මෙම පාපැදි සවාරිය සහ උද්ඝෝෂණය සංවිධානය කෙරිණි. මීගමුව බසියාවත්ත සිට මීගමුව නගරය දක්වා පැමිණි ඔවුහු මීගමුව නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෙනසක තාරු‍ණ්‍ය, මීගමුවේ අපි සහ Read More

t

o

p