Sports

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය නිරෝධායන නීති හේතුවෙන් නවතින ලකුණු

ටෙස්ට් තරග තුනකින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කොරොනා නිරෝධායන නීති හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. විදෙස් රටක සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළු වන සෑම පුද්ගලයකුම කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා දින 14 ක නිරෝධායනයක් පවත්වා ගත යුතු වුවද, බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය එම කාල සීමාව දින හතක් දක්වා අඩු කරන ලෙස Read More

ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. 38 හැවිරිදි ඉයන් බෙල් 2004 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් අතර එම වසරේදී ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් ද දිනාගත්තේය. ටෙස්ට් තරග 118ක දී එංගලන්ත පිල නියෝජනය කළ ඔහු ටෙස්ට් ලකුණු 7727ක් රැස් කර ගැනීමට Read More

අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්

විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කළ වයස අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ඇතුළත් වී තිබේ. මෙම ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් ව ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය. සුප්‍රසිද්ධ විස්ඩන් සගරාවේ සංස්කාරක මණ්ඩලය විසින් වයස අවුරුදු 25 හෝ ඊට අඩු වයස් කාණ්ඩයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය දා Read More

කුසල්ට රිය පැදවීම තහනම් වෙයි

අධිකරණයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත. ඔහු නිදහස් කර ඇත්තේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔහුගේ රිය පැදවීම් බලපත‍්‍රය අධිකරණය විසින් අත්හිටුවා ඇත.

කොව්ඩ් 19 පකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්ට ආසාදනය වෙයි

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තුන්දෙනෙකු හයිඩර් අලී, හරිස් රවූෆ් සහ ෂඩාප් ඛාන්  යන ක්‍රීඩකයින් තිදෙනාට වෛරසය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇත. මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය විය.

2011 වසරේ පැවති ලෝක කුසලානය පාවාදීමක් සිදු ව ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දෙන්න

2011 වසරේ පැවති ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහා තරඟය තරග පාවාදීමක් සිදු වූ බවට තොරතුරු ඇත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබා දිය යුතු බව එවකට හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා පවසයි. එමගින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කලයුතු බව ද ඔහු සදහන් කරයි. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය තරග පාවාදීමක් සිදු වී ඇති බවට Read More

පවතින ව්‍යවසනකාරී තත්වය තුල මහ මැතිවරණය කල් දමන්න

කොරෝනා වෛරසය පැතිර යාම වර්ධනය වෙමින් පවතින අවස්ථාවක එළෙඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනයා එක් රැස් වීම වෛරසය පැතිර යාම වේගවත් වීමට සාධකයක් විය හැක. රට තුල උද්ගතවී ඇති හදිසි තත්වය පහව යන තෙක් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීම සඳහා සලකා බලන මෙන් ඔබ තුමාගෙන් ගෞරවයෙන් යුතුව Read More

ප්‍රේක්ෂකයන් නොමැතිව ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමට තීරණයක්

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන ප්‍රේක්ෂකයන් නොමැතිව දැල්වීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වු නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති අතර තරගාවලි රැසක් Read More

තරඟ පැරදිලත් තරඟ බලන්න එන එක ගැන සතුටුයි

තරග පරාජය වනවාට බිය වී ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පැවසීය. මෙහිදී කුසල් තවදුරටත් පවසා සිටියේ, හැමදාම එකම සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, වෙනසක් කළ යුතු බවත්ය.

ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගය තියුණු තරගයකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය. කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී Read More

t

o

p