Sports

ශ්‍රී ලංකාවට පහසු ජයක්

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුදුසුකම් ලැබීමේ මුල් වටයේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයේදී කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්​ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු44ක් පමණයි. වනිඳු හසරංග කඩුලු 3යි,මහීෂ් තීක්ෂණ කඩුලු 2යි ලහිරු කුමාර Read More

ශ්‍රී ලංකාව අද අයර්ලන්තය සමඟ සටනේ

විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 වටයට සුදුසුකම් ලබන රටවල් 4ක් තෝරා ගන්නා පළමු වටයේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය අද (20) අයර්ලන්තය සමඟ පැවැත්වේ. අයර්ලන්තය සමඟ මීට පෙර 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එක් තරගයකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල එම තරගය ජයග්‍රහණය කළේය. විශේෂයෙන් පෙරේදා නෙදර්ලන්තය පරාජය කරමින් සිය ජයග්‍රාහී Read More

T20 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ පළමු වටයේ තරග අදින් ආරම්භ වනවා. ඕමානය හා පැපුවා නිව් ගිනියාව මෙරට වේලාවෙන් පස්වරු 3 යි 30 ට පළමු තරඟයට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දීි. දෙවැනි තරගයද අද පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරයි. ශ්‍රී ලංකාව ද පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර Read More

ඇන්ජලෝ පුහුණුවීම් ආරම්භ කරයි

ඉදිරි ජාත්‍යන්තර තරග සංචාර ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඉදිරි තරග සංචාර සඳහා තමන්ට සහභාගී විය හැකි බවට ඔහු විසින් කල දැනුම්දීම මත එලෙස පුහුණු සංචිත සමග ඔහු එක්වී ඇති බවයි. පුද්ගලික හේතු මත තමන් තරග සංචාර සඳහා තෝරා ගැනීමෙන් Read More

දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනියි

රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම (30) දිනා ගැනීමට සමත් විය. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි Read More

මහේලගේ පිළට ශූරතාවයක්

එංගලන්තයේ “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.  “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ විශේෂත්වය වූයේ තරගයක එක් ඉනිමක් පන්දු 100කට සීමාවීමය.

T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාවට අභියෝග

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන එළි දක්වා තිබේ. ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගින් තරග වැදීමටත් ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරග වදිනු ඇත. නැමීබියාව සහ අයර්ලන්තය සමග තරග අබුඩාබිහිදී පැවැත්වීමට Read More

වසර එකහමාරකට පසු රග්බි වසන්තය උදා වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහාමාරකට ආසන්න කාලයක් පසුබෑමට ලක් වී තිබූ මෙරට රග්බි ක්‍රීඩාව යළිත් පණ ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර, සුහද තරගය ඊයේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණ මහත්වරුන්ගේ Read More

වසර 13කට පසු ඉන්දීය ජාතික ගීය වැයෙයි

වසර 2008ට පසු ඔලිම්පික් ක්‍රීඩාංගණයක ඉන්දීය ජාතික ගීය වාදනය වූ අතර, ඒ නේරාජ් චොප්රා විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වීමෙනි. මෙය මෙවර ඔලිම්පික් උලෙළේ ඉන්දියාව දිනාගත් එකම රන් පදක්කම වේ. චොප්රා විසින් මීටර් 87.58ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් හෙල්ල විසි කිරීමෙන් ඉදිරියට පැමිණි අතර, ඔහු පසු පසින් චෙක් ජනරජයේ ක්‍රීඩකයෝ Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් අතර මඟ නවතීද?

ඉන්දියාවේ උද්ගතව ඇති කොරෝනා අර්බුදය හමුවේ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අත්හැර යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස අත්හැර ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඇඩම් සම්පා, කේන් රිචඩ්සන්, ඇන්ඩෲ ටයි ක්‍රීඩකයන් සිටින අතර ඉන්දීයානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ද තරඟාවලියට තාවකාලික විවේකයක් දී තිබේ. ඇන්ඩෲ ටයි විසින් පවසා Read More

t

o

p