Sports

ICC ලැයිස්තුවේ පෙරළියක්

ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට අංක එකට පැමිණීමට සමත්ව තිබේ. ඉන්දීය කණ්ඩායමට එක්දින ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 114කි. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 267කි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 115කි. ICCයේ නවතම ටෙස්ට් Read More

මන්දනා කෝටි 3.4ක අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්විණි. මන්දනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 3.4ක මුදලකටය. එහිදී අලෙවි වූ ප්‍රථම ක්‍රීඩිකාව වූයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනායි.

ආරොන් ෆින්ච් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

ඕස්ටේ්‍රලියාවේ පන්දුවාර 20 කණ්ඩායමේ නායක ඇරෝන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත. 36 හැවිරිදි මොහු ජාත්‍යන්තර එක්දින තරඟ 146කට සහ විස්සයි විස්ස තරඟ 103කට මොහු ක්‍රීඩා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 2021 පන්දුවාර 20 ලෝක කුසලානය ඕස්ටේ්‍රලියාව ජයගනු ලැබුවේ මොහුගේ නායකත්වය යටතේයි.

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ධූරය යළිත් හතුරුසිංහට ලැබෙන්න යයි

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ නැවතත් තේරී පත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. හතුරුසිංහ 2014 සිට 2017 දක්වා ද එරට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ රසල් ඩොමින්ගෝ Read More

මාලිටත් අබිමන් ගෙනා මතීෂ පතිරණ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා. Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්‌ Read More

ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම ගැන සාකච්ඡා

ක්‍රිකට් පරිපාලනය කඩිනමින් වෙනස් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ පවත්වා ඇත. එහි දී යළිත් අතුරු කමිටුවක් පත්කිරීම වෙනුවට නිදහස් ස්වාධීන පරිපාලන කමිටුවක් පත් කර ඒ යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර නිලවරණයකට යාමේ හැකියාව පිළිබඳව සාකච්ඡා වී ඇත. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී අතුරුකමිටු නියෝජනය කළ හිටපු සාමාජිකයින් කිහිප Read More

පනවා ඇති තහනම ලිහිල් කරගැනීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ලිපියක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම ලිහිල් කරගැනීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ලිඛිත කරුණු දැක්වීමක් සිදුකර ඇත. පසුගිය 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබුවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් සඳහන් කළේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා වෙත මෙම ලිපිය යොමුකළ බවයි.

FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය අහෝසි කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය අහෝසි කර තිබේ. එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතය. පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය Read More

පරාජයට හේතු දක්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නියෝගයක්

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර ඇත.   කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර අදාළ වාර්තාව දින 5 ක Read More

අමිහිරි වාර්තාවකට ශ්‍රී ලංකාව හිමිකම් කියයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලැබීය. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 390 ක් ලබා ගත්තේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු Read More

t

o

p