ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා වැඩි වෙයි

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ මෙරටින් රෝගීන් 32 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. මේ අතර ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 02 ඉක්මවා තිබෙනවා.

පාර්ලිමේන්තුව නොකැදවන හේතුව මෙන්න

පාර්ලිමේන්තුව නොකැදවන ලෙස විශෙෂයෙන්ම තමන් ඉල්ලා සිටින්නේ විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස සිටින නිසාවෙන් බව මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් ජනාධිපති ප්‍රමුඛ රජයට දැනුම් දී ඇත. ඔහු විපක්ෂ නායක ධූරයේ සිටිනතාක් මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව නොකැදවන ලෙස මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් රජයෙන් ඉල්ලා තිබේ. විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස වෙනුවට වෙන කෙනෙක් සිටියේ නම් ගැටලුවක් නොමැති Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුවයි

අද සහ හෙට දින දෙකේදී එම  සියලූ ප‍්‍රදේශවලටද ඇඳිරි නීතිය අඛණ්ඩව බලාත්මකයි. ඇඳිරි නීතිය සම්පූර්ණනේ ඉවත් කර ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්වන්නේ කවදාදැයි බොහෝ දෙනෙකු ප‍්‍රශ්න කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පිළිතුරු ලබා දුන්නේය. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේ ඇඳිරි නීතිය ඉවත් කිරීම මහජන හැසිරීම අනුව බවයි.

හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්

COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහල යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන හදුනාගැනීමට සමත්වී තිබෙනවා. සයිබර් ප්‍රහාර සිදුකිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි.  Read More

ළදරු එන්නත් නිසි පරිදි දෙන්න වැඩපිළිවෙළක් යොදන්න

ඇඳිරිනීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත‍්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සහාය ලබා ගන්නා ලෙසද ඇමතිවරයා මෙහිදී අදාල අංශ වෙත උපදෙස් Read More

වැලිසර නාවිකයන් 4000කට පී.සී.ආර් පරීක්‍ෂණ

වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ නාවිකයන් හාරදහසකට ආසන්න පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශ සදහන් කරයි. එසේම නිවාඩු මත සිටි නාවිකයන් අතරින් ආසාදිත නාවිකයන් ඇසුරු කිරීම මත හඳුනාගත් නාවිකයන් ද නැවතත් කඳවුරට ගෙන්වා ගෙන තිබෙන බවත් සඳහන්වේ. සෞඛ්‍යමය හේතූන් මත වැලිසර පිහිටි නාවික Read More

ලොක් ඩවුන් කළ දකුණු අප්‍රිකාවත් යළි විවෘත කරයි

රට වසා දමමින් පනවා ඇති සීමා ලබන මස 01වනදා සිට ලිහිල් කිරීමට දකුණු අපි‍්‍රකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇතැම් ව්‍යාපර සහ පාසල් යලි විවෘත කිරීමට කටයුතු කෙරෙණු ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. දකුණු අපි‍්‍රකාවෙන් මේ වන විට හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාධිතයන් ගණන 3,953ක්. නව කොරෝනා මරණ 75ක්ද එරට සිදුව Read More

මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

2020 අප්‍රේල් මස 25 වෙනිදා COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, Read More

කොරෝනා රෝගීන් ගණන 420ක් දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 52දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබේ . මේ අනුව  රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින මුළු කොරෝනා අසාදීතයින්ගේ සංඛ්‍යාව 300 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

බ්‍රිතාන්‍ය ප්‍රථම එන්නත අත්හදා බලයි

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් විසින් කොවිඩ් – 19 වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා වන එන්නතක් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම එන්නතේ පළමු මිනිස් අත්හදා බැලීම ඊයේ ආරම්භ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. එන්නතේ අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවත් කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම ප්‍රමාද වේය යන උපකල්පනය Read More

t

o

p