මෙරට කොරෝනා රෝගීන් 120 දක්වා ඉහලට

මෙරට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහල ගොස් තිබෙන වාර්තා වෙනවා. මේ අතර ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ගම්මාන 06ක් Lock Down

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මාරවිල ප්‍රදේශයේ ගම්මාන 06කට ඇතුළුවීමට සහ පිටවීමට නැවත දන්වන තුරු තහනම් කර තිබේ. ඉහළ නාත්තන්ඩිය, පහල නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර, මරද දකුණ, හාල්පන්විල යන ගම්මානවල මෙම නීතිය බල පවත්වන බව මාරවිල පොලීසිය සඳහන් කරයි. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව Read More

පූගොඩ අවිවාහක කතුන්ට “පිහිට වූ” වම්බටු සහ පුහුල්

කෙනෙකු වසඟයට ගත හැකි ඉනා බෙහෙතක් ලෙසින් එක්තරා ව්‍යංජන දෙකක් පිළියෙළ කිරීමට සමත් කාන්තාවන් ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ ප්‍රදේශයේ හිඳින බවට රාවයක් මීට අවුරුදු හතළිහකට පමණ පෙර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර තිබිණ. එම ව්‍යංජන දෙක වූයේ වම්බටු මාළුවක් හා පුහුල් හොද්දකි. එම කාන්තාවන් විසින් පිළියෙළ කරන ලද එම ව්‍යංජන දෙක යම් තරුණයකු ආහාරයට ගතහොත් ඔහු බොහෝ Read More

’බලූ බළල් පිස්සුව’ මානසික රෝගයක් ද?

මේ දිනවල රටේ ජනතාව නිවාස තුළටම ගොනු වී සිටීම මත පන් ලක්ෂයක් පමණ වන නිවාස නොමැති සුනඛයන් දැඩි ආහාර අහේනියකින් පෙළෙන බවට තොරතුරු ලැබී ඇත. මෙම අහේනිය අප රටේ ජනගහණයෙන් එදාවේල සරිකරගන්නා අති විශාල පිරිසකට ද බලපා ඇති අතර එම ගැටළු විසඳීම පිණිස වන තිරසාර යාන්ත‍්‍රණයක් මෙතෙක් කි‍්‍රයාවට නැංවී ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් අප Read More

කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ Read More

ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා විය. මාරවිල පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ. මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඉතාලියේ පැය 24කදී කොරෝනා මරණ 919ක්

ඉතාලිය තුළ පමණක් ඊයේ (27) දිනයේ දී මියගිය සංඛ්‍යාව 919ක් වෙයි. වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලිය තුළ මියගිය වැඩිම සංඛාව ද මෙයයි. එරට වෛද්‍යවරුන් 46ක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවකයින් 6414 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

චීන සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීන ජනාධිපති ෂි ජිං පින් සමඟ දුරකතනය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සැලසුම් කර තිබේ.  කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනරට බවට අමෙරිකාව පත්ව ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයා එම සාකච්ඡාව සැලසුම් කරතිබීම විශේෂත්වයක්. 

අසරණ යාචකයන් හා සුනඛයන් වෙනුවෙන් මිරිසවැටි හිමියෝ මහමඟට බසිති.

අනුරාධපුර පූජා නගරය බැතිමතුන්ගෙන් හිස්ව පැවතීම මත මිරිසවැටිය බසවක්කුලම, අභයගිරිය, ලංකාරාමය සඳකඩ පහණ ආදී ස්ථාන වල සාගින්දරෙන් පසුවන යාචකාදීන් සහ නිවාස අහිමි සුනඛයන් උදෙසා ආහාර ලබාදීමේ වැඩසටහනක් අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමිපාණන් ගේ පෞද්ගලික සහභාගිත්වයෙන් ආරම්භ කොට තිබේ. එහෙත් තමන් වහන්සේගේ එම උත්සාහය අනුරාධපුර පූජා නගරය සහ නව නගරය අවට දිවිගෙවන සියළුම Read More

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5,000 ඉක්මවයි

පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනුයේ ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

t

o

p