කැලණි සරසවියට පළමු වරට උපකුලපතිනියක්

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා වැඩ භාර ගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වූ පළමු කාන්තා උපකුලපතිවරිය ලෙස ඇය ඉතිහාස ගතවනු ඇත. මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 1986 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ.

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185,000 ඉක්මවයි

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුලදී එරටින් මරණ 1,105ක් වාර්තා වූ අතර රෝගීන් ගණන 49,061 ක් වනවා. අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6,096,235ක් වන අතර මරණ සංඛ්‍යාව 185,901ක් වනවා.

උම්බලකඩ සමඟ ම වේළෙන නිෂ්පාදකයෝ

උම්බලකඩ ආනයනය කිරීම නිසා සහ දේශීය උම්බලකඩවලට නිසි මිලක් නොමැතිකමින් දකුණු මුහුදු තීරය ආශ්‍රිත දේශීය උම්බලකඩ නිෂ්පාදකයින් අසීරුතාවට පත්ව සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ සහතික මිලක් යටතේ රජය විසින් උම්බලකඩ මිලදී ගෙන බෙදාහැරීමේ වැඩපිළි‍වෙළක් ක්‍රියාවට නංවන ලෙසය. දකුණු මුහුදු තීරය ආශ්‍රිත කුඩාවැල්ල, කෝට්ටගොඩ, දෙවුන්දර, ගන්දර යනාදී ගම්මානවල ජනතාව ස්වයං රැකියාවක් ලෙස උම්බලකඩ නිෂ්පාදනයේ නිරතව සිටී. මේ Read More

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබා දී තිබේ. සේවා අවශ්‍යතාව පොලිස් කොමිසමේ අනුමැතිය අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

හලාවත කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ පිරිසක් PCR පරීක්ෂාවට

ඩුබායි සිට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බංගදෙණිය ප‍්‍රදේශයේ කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු පවසනවා. පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද කටයුතු යොදා ඇති බවයි වෛද්‍ය දිනූෂා Read More

රාජ්‍ය දේපළ විකුණන්න අනිවාර්යයෙන් සිදුවෙනවා – පාඨලී

ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. “අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. පළවෙනි එක, මේ Read More

පැය 24ක් තුළ ඉන්දියාවේ ආසාදිතයින් ගණන 75 000 ඉක්මවයි

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 75,995 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව එරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,307,749 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියානු මහ කොමසාරිස් කථානායක හමුවේ

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවසථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභගී විය. මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය. මෙය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් Read More

නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. නව වැනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට පිළිවෙත් හඳුන්වාදීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවති වැඩමුළුවේ පළමු දිනය අවසානයේදී මෙම පෙරහුරුව සිදුවිය. ඉතා වෙහෙසකර දිනයක අවසානයේදී වුවද ඊයේ රාත්‍රී 7.00ට පමණ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති ගරු අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක ගරු Read More

t

o

p