පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති ගරු අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක ගරු Read More

නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ වලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  පවසයි. පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

19 අහෝසි කලොත් රටම සරණාගතයෝ වෙනවා

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ, ඇමරිකානු ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට මන්ත්‍රීධූරයක් දීලා පාර්ලිමේන්තුවට ගෙනත් ඇමති කරන්නයි.  එදා ජනාධිපති අතේ තිබුණ බලය අද, මහින්ද අගමැතිතුමාට ලැබිලා තියෙනවා.  19 අහෝසි කරාම, ඒ බලය නැවත ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතට යනවා.  19 සංශෝධනය අහෝසි කරලා කරන්න හදන්නේ බලය අත මිට මොළවා ගන්නයි.  ඒකට ඉඩ දෙන්නට ලංකාවේ ප්‍රගතිශීලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් Read More

කොරෝනාවෙන් පස්සේ කඩ සාප්පු වලට පිරිත් වෙනුවට ආ භජන්!

කොරෝනා භීතිය මඳක් පහ වූ පසුගිය ජූලි මාසයේ උදයක මම ගම්පහ නගරයේ බොජුන් හලකට පිවිසුණෙමි.ඒ මොහොතේ එහි ඉන්දීය සුපිරි ගායිකාවක වන අනුරාධා පෞද්වාල්ගේ අතිශය ජනප්‍රිය භජන් ගායනයක් වාදනය වෙමින් තිබිණ.ඉන්දීය දෙවි වරුන් උදෙසා ගැයෙන භක්ති ගී හෙවත් භජන් ගී ඇසීමට මම ද අතිශයින් ප්‍රිය කරමි. ඒවායේ අරුත් හරිහැටි නොවැටහුණ ද එම ගී තනු, තූර්ය භාණ්ඩ Read More

එජාප නායකත්වය ගැන තීරණය තවදුරටත් කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් රැස්වි අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබිය. පක්ෂයේ ව්‍යවස්ථානුකුලව නව නායකත්වය සැප්තැම්බර් මස මුල් සතියේ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්වි තීරණය කරන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ ෆ්‍රෙඩී බ්ලොම් මියගොස් තිබේ. වයස අවුරුදු 116ක් වන ඔහු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 1904 වසරේ මැයි මාසයේ උපත ලැබූ ෆ්‍රෙඩී බ්ලොම්ගේ පවුලේ සියලු සාමාජිකයින් 1918 වසරේ ව්‍යාප්ත වූ වසංගතයට ගොදුරු වී මියගොස් තිබුණි.

වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පාන් පිටි කවලම්

අලෙවිය සඳහා වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පමණ පාන් පිටි කවලම් කර ඇති බවට අනාවරණ වී තිබේ. දිවයිනපුරා කළ වැටලිම්වලින් ය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ලබාගත් සාම්පල් ප්‍රමිති කාර්යාංශය මගින් පරීක්ෂාවට ලක් කළ බවයි. එහි කහ ඇත්තේ 20% ක් පමණක් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

රුපියල් දහසේ නෝට්ටු මවන ‘භූතයා’

භූත බලවේග ඇතැ‍යි පැවැසෙන නිවෙස් පිළිබඳව අපි අසා ඇත්තෙමු.එම භූත බලවේග මඟින් බොහෝ විට සිදු වනුයේ නිවෙස් වලට ගල්, වැලි වීසි කිරීම්, ආහාර වලට වැලි,අළු ඇතැම් ව්ට අශූචි පවා මුසු කිරීම්, නිවසේ දොර, ජනෙල් රෙදි ගිනි තැබීම් බව ජන විශ්වාසයයි. එහෙත්,එවන් අයහපත් තත්වයන් හමුවේ නිවෙසට රුපියල් දහසේ නෝට්ටු ගෙනැවිත් දමන භූතයකු පිළිබඳව මට අසන්නට ලැබිණ. Read More

දකුණු කොරියාව තුළ කොරෝනා නැවතත් පැතිරේ

දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය නැවතත් පැතිර යාමේ අවදානමක් ඇතිබව බලධාරීහු පවසති. එරටින් වාර්තාවන නව ආසාදිතයින් ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයක් ආශ්‍රිතව හමුවී ඇති අතර මේ වනවිට ප්‍රාන්ත 17හිම රෝගීන් හමුවන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වි සිටින සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය. මෙහිදි පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබේ.

t

o

p