යහපාලන සමයේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අවභාවිත කිරීම ගැන දින 02 ක විවාදයක් දෙන ලෙසට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක්

යහපාලන රජය සමයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් දින 02 ක පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේය. ඒ සම්බන්ධව ආණ්ඩු පක්ෂය සිය එකඟත්වය පළ කළේය.  දිවංගත වෙළඳ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා සද්භාවයෙන් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අවභාවිත කිරීම Read More

බීමත් රියදුරන් සොයා අවුරුදු සමයේ මෙහෙයුම්

බීමතින් රිය පදවන පුද්ගලයින් සොයා සඳහා අප්‍රේල් 10 වනදා සිට විශේෂ පොලිස් මෙහෙයුමක් අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.‍ පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරින් වෙත මේ වන විටත් ස්වසන වායු උපකරණ ලබාදී තිබෙන බවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කොට රිය පදවන පුද්ගලයින් පිළිබඳව පොලිස් නිලධාරින් අවධානයෙන් කටයුතු කරන බවත් අජිත් රෝහණ Read More

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවෙිදී සම්මතයි

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය. ‍අදාළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15 දෙනෙක්ගෙන් සමන්විත වන අතර කථානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06ක් Read More

සභාව කල් තබන අවස්ථාවේදීත් ප්‍රශ්න 02 ක් ඇසීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවේ

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. ඒ අනුව සභාව කල් තබන අවස්ථාවේදී යෝජනා සඳහා වෙන්කළ දිනයන්හිදී, ඒ සඳහා වෙන්කර ඇති පැයක කාලයෙන් මිනිත්තු විස්සක (20) Read More

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2000 සිට රු. 2500 දක්වා වැඩිකිරීම ලඟදීම

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2000 සිට රු. 2500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නාබව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විටත් මේ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ Read More

කූරගල පුදබිම සංරක්ෂණයට රජය හැකි උපරිමයෙන් කටයුතු කරනවා

කූරගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට රජය  පියවර රැසක්  ගෙන තිබෙන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පාර්ලිමේන්තුවේදී කූරගල පුදබිම පිළිබද විමසූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේබව පැවසීය. එසේම මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික වැදගත්කමක්ද පවතින බවත් වසර 160 Read More

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීමට පියවර

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ( Oxford AstraZeneca Vaccine ) එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විශේෂයෙන් මේ වනවිටත් දෙවන මාත්‍රාවට අදාල එන්නත් 300000 ක පමණ තොගයක් වෙන්කො ඇති බවද එම එන්නත් Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (06) නැවතත් කෝප් කමිටුව හමුවට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (අප්‍රේල් 06) නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය Read More

සමෘද්ධි මුදල් අවභාවිත කළ අයට විමර්ශන වාර්තාව ලැබීමෙන් පසු නීතිමය පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

පසුගිය රජය සමයේ සමෘද්ධි අරමුදල්  අවභාවිතකර ඇත්නම් ඊට එරෙහිව පියවර ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේවන විට විමර්ශනයක් සිදුකරන බවත් Read More

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට රුපියල් මිලියන 41,576 ක දැව ආනයනය කරලා

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට දැව ආනයනය කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 41,576 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද(05) පැවසීය . ඒ අනුව රටවල් 59 කින් මෙරටට දැව ආනයනය කර තිබෙන බව  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Read More

t

o

p