ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීමට පියවර

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ( Oxford AstraZeneca Vaccine ) එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විශේෂයෙන් මේ වනවිටත් දෙවන මාත්‍රාවට අදාල එන්නත් 300000 ක පමණ තොගයක් වෙන්කො ඇති බවද එම එන්නත් Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (06) නැවතත් කෝප් කමිටුව හමුවට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (අප්‍රේල් 06) නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය Read More

සමෘද්ධි මුදල් අවභාවිත කළ අයට විමර්ශන වාර්තාව ලැබීමෙන් පසු නීතිමය පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

පසුගිය රජය සමයේ සමෘද්ධි අරමුදල්  අවභාවිතකර ඇත්නම් ඊට එරෙහිව පියවර ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේවන විට විමර්ශනයක් සිදුකරන බවත් Read More

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට රුපියල් මිලියන 41,576 ක දැව ආනයනය කරලා

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට දැව ආනයනය කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 41,576 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද(05) පැවසීය . ඒ අනුව රටවල් 59 කින් මෙරටට දැව ආනයනය කර තිබෙන බව  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Read More

වාහන ආනයනයට2015-2019 කාල සීමාව තුළ වැය කර ඇති මුදල රුපියල් බිලියන 1239 ක් – මුදල් රාජ්‍ය ඇමති

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන සංඛ්‍යාව 25,15546 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය. ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1239 ක් බව ද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය. රටවල් 103 කින් Read More

එ.ජා.ප ය පෙරළියකට සූදානම්

එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශාඛා සමිති අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. ඒ අනුව එම පක්ෂයේ නීතිඥ සංගම් ‘වෘත්තීයවේදීන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, විද්වතුන්ගේ සමිති ඇතුළු සියලුම සංවිධාන යළි බලගැන්වීම සිදු කෙරෙනු ඇත. ඉදිරි මාස හයක කාලයේදී පක්ෂයට Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම්

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් පමණ යොදවා සිටින බවය.

දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ප්‍රථම ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණූ 354ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 258ක් පමණකි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 280ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා Read More

බ්‍රසීලයේ සුසාන භූමි හිස් කරයි

බ්‍රසීලයේ කොරෝනා මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොමැති වීම හේතුවෙන් කළකට පෙර සුසාන භූමිවල මිහිදන් කළ මළ සිරුරු ඉවත් කර නව මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා ගැනීමට තීරණය කර ඇත.    මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රසීලයේ විශාලම නගරයවන සාවෝ පවුලෝ නුවර බලධාරීන් විසිනි.   බ්‍රසීලයේ දෛනික වැඩිම මරණ සංඛ්‍යාව සිදුව ඇත්තේ පසුගිය බදාදා දිනයි. Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 93000 ඉක්මවයි

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 93,266ක් දක්වා ඉහළගොස් ඇත. මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 90,021 දක්වා ඉහළ යනු ඇත.   මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 3,245කි.   දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 575ක් සිදුව ඇත.

t

o

p