වතු කම්කරුවන් කිරිබත් කපයි

සිය දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමත් සමග වතු කම්කරුවන් තේ වතු ආශ්‍රීතව පිහිටි කොවිල් වලට ගොස් එම වැටුප ලබා දිමට කටයුතු කල සියළු පාර්ශවයන්ට ආශිර්වාද පතා පුජා පවත්වා තිබෙනවා. වතු කම්කරුවන්, වතු වෘත්තිය සමිති වල ප්‍රාදේශිය නායකයින් සමග එක්ව කිරිබත් අනුභව කරමින් සතුට සැමරූ බවයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි Read More

දිවයිනේ අද රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, ඌව සහබස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිග මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් Read More

5000 දීමනාවට චක්‍රලේඛයක්

දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා ප්‍රතිලාභී පවුල් කාණ්ඩ 07 ක් තෝරාගෙන ඇති බවයි.     සමෘද්ධිලාභී පවුල්,   අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,   වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,   ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,   වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් Read More

පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?

ඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම සිදු විය. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණි. කුමරුගේ කැමැත්ත වී ඇත්තේ, රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් නොපැවැත්විය යුතු බවටයි. පිලිප් කුමරුගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර එය ඉදිරි දින කිහිපය තුළ සිදු Read More

කොමර්ෂල් බැංකුවට සම්මාන

‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම දෙවන වසර සඳහාත් Read More

කිම් ජොන්ගෙන් අනතුරු ඇඟවීමක්

දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීම සදහා සූදානම්වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් අනතුරු අඟවයි. සිය පක්ෂ සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කණ්ඩායම් විසින් උතුරු කොරියාව ආර්ථික අස්ථාවරත්වයකට සහ  දැඩි ආහාර හිගයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීම හේතුවෙන් බව වාර්තා වේ.

සඳුදා රජයේ නිවාඩු දිනයක්

එළඹෙන අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ(09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.

මෙරට කොවිඩ් මරණ 595 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් ඊයේ(09) තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 595ක් දක්වා දක්වා වර්ධනය වී තිබේ. කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 112දෙනෙකු ඊයේ(09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 94,448ක් බවට පත්ව Read More

බීමත් රියදුරන් ඇල්ලීමට මෙහෙයුමක්

බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.   උත්සව සමයේ සිදුවිය හැකි රිය අනතුරු ඉහළ යාම හා කොවිඩ් පැතිරීම පාලනයට අද සිට මෙම විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කර ඇත. 

රෙදි පිළි ආනයනය තහනම ව්‍යාජ ප්‍රවෘත්තියක් !- අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

මේ දිනවල ජනමාධ්‍ය මගින්  ප්‍රචාරයක් ගෙන යන  රෙදිපිළි ආනයනය තහනම් කිරීම  සම්පූර්ණ ව්‍යාජ ප්‍රවෘත්තියක් බව අද පාර්ලිමේන්තුවේ දී  බතික් හා පේෂකර්මාන්ත  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. තමන් පැවසූයේ,  ආනයනික මුද්‍රිත බතික් රෙදිපිළි ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන්  පමණක් බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී  වාචික පිළිතුරු වටයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සදහන් Read More

t

o

p