පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.  බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 Read More

මෙරට කොරෝනා මරණ 615 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96,078 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඒ අතරින් Read More

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට මහජන සහය පතයි

මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී. අවුරුදු 2යි මාස 10 ක් වයසැති මෙම දැරියගේ අතුරුදන් වීම පිළිබඳව ඇගේ මව විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමක් ද සිදු කර තිබේ. මෙම දැරිය පිළිබඳව යම් තොරතුරක් දන්නා Read More

කුකුල් මස් පාලන මිලට ගන්න විදිහ බන්දුල කියයි

රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන පාර්ශව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය. උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැති බව ද පවසයි.

වතු කම්කරුවන් කිරිබත් කපයි

සිය දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමත් සමග වතු කම්කරුවන් තේ වතු ආශ්‍රීතව පිහිටි කොවිල් වලට ගොස් එම වැටුප ලබා දිමට කටයුතු කල සියළු පාර්ශවයන්ට ආශිර්වාද පතා පුජා පවත්වා තිබෙනවා. වතු කම්කරුවන්, වතු වෘත්තිය සමිති වල ප්‍රාදේශිය නායකයින් සමග එක්ව කිරිබත් අනුභව කරමින් සතුට සැමරූ බවයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි Read More

දිවයිනේ අද රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, ඌව සහබස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිග මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් Read More

5000 දීමනාවට චක්‍රලේඛයක්

දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා ප්‍රතිලාභී පවුල් කාණ්ඩ 07 ක් තෝරාගෙන ඇති බවයි.     සමෘද්ධිලාභී පවුල්,   අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්,   වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්,   ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්,   වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් Read More

පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?

ඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම සිදු විය. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණි. කුමරුගේ කැමැත්ත වී ඇත්තේ, රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් නොපැවැත්විය යුතු බවටයි. පිලිප් කුමරුගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර එය ඉදිරි දින කිහිපය තුළ සිදු Read More

කොමර්ෂල් බැංකුවට සම්මාන

‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම දෙවන වසර සඳහාත් Read More

කිම් ජොන්ගෙන් අනතුරු ඇඟවීමක්

දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීම සදහා සූදානම්වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් අනතුරු අඟවයි. සිය පක්ෂ සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කණ්ඩායම් විසින් උතුරු කොරියාව ආර්ථික අස්ථාවරත්වයකට සහ  දැඩි ආහාර හිගයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීම හේතුවෙන් බව වාර්තා වේ.

t

o

p