ගොවියා කට ඇරන් බලා සිටියා ට වන්දි දෙන්න බෑ

කෘෂි හානි සම්බන්ධයෙන් වන්දි ලබාදෙන්නේ රජය ලබාදුන් පොහොර වර්ග හතර භාවිත කළ පිරිස් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (02) පැවසීය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, “අපි කාබනික ඝන පොහොර දුන්නා. ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලොරයිඩ් – නැනෝ නයිට්‍රජන් දුන්නා. මේ පොහොර වර්ග 4ම භාවිත කර තිබිය යුතුයි. ඒ පොහොර භාවිතයෙන් Read More

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ ගින්නක්

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශාල ගින්නක් හටගෙන ඇත.   අදාළ ඓතිහාසික ගොඩනැගිල්ලේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් ක්‍රියාකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   වහලය ගිනිගෙන ඇති අතර ජාතික සභා ගොඩනැගිල්ල ද ගිනිගෙන ඇතැයි නගරයේ හදිසි සේවා ප්‍රකාශකයෙකු AFP පුවත් සේවය වෙත පවසා ඇත.

තෙවැනි පාසල් වාරය අද ඇරැඹේ

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල  අධ්‍යයන කටයුතු අද (03) ආරම්භ වෙයි. දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි නව කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව 05 ශ්‍රේණිය හා ඉන් ඉහළ පංති සඳහා 50%ක ධාරිතාවයෙන් උපකාරක පන්ති පවත්වා ගෙන යා හැකියි. ආගමික ස්ථානවල තනිව වැඳුම් පිඳුම් කිරීම සඳහා අවසර හිමි වෙයි. මංගල උත්සව සඳහා ශාලාවේ ධාරිතාවයෙන් 50% ක උපරිමයකට යටත්ව පැවැත්විය හැකියි. අවමංගල උත්සව සඳහා වරකට Read More

2022 නව වසර රටවැසියන් උණුසුම්ව පිළිගනී

අදින් ආරම්භ වූ 2022 නව වසර ශ්‍රී ලංකාවාසී සැමටත්, ලෝකවාසි සැමටත් සුබ නව වසරක් වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. ඔබ සියලුදෙනා නව වසරේදී ඉටු කරගැනීමට අපේක්ෂාවෙන් සිටින යහපත් බලාපොරොත්තු සහ ඉලක්ක එලෙසින්ම ඉටු වේවා යන්න නිතැතින්ම ප්‍රාර්ථනා කරනවා.

සිසුන් සියයට 50ක් කැඳවා සරසවි යළි විවෘත කෙරේ

සියයට පනහක ධාරිතාවකින් යුතුව නියමිත මාර්ගෝපදේශ පිළිපදිමින් සරසවි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා සිසුන් කැඳවීමට සෞඛ්‍ය අනුමැතිය ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසන්නේ ඊයේ (28) දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම එක්වී මෙම තීන්දුවගත් බවය. මේ වනතුරු සරසවි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවනු ලැබුවේ සියයට 25ක ධාරිතාවකිනි.

දියර කිරිත් හිඟවෙයි

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම මඟින් කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව එම Read More

යුරෝපයේ කොවිඩ් පැතිරීම තවත් ඉහළට

යුරෝපයේ මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වී තිබේ. ඊයේ (28) දිනයේ ප්‍රංශයෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් එක් ලක්ෂ 79,807 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. උත්සවය සමය හේතුවෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

සුනාමි ව්‍යසනයට අදට වසර 17යි

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනය ඇති වී අදට වසර 17ක් සපිරේ. එම සුනාමි ව්‍යසනය හේතුවෙන් සහ රට තුළ වූ විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිත දිනය-2021‘ අද සැමරේ. එම සැමරුම් උත්සව සීමිත ජනතා සහභාගීත්වයෙන් අද දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා පැවැත්වෙන අතර, ප්‍රධාන Read More

වෘක රංචුවක් පැනයයි – වෙඩි ප්‍රහාරවලින් 04ක් මරුට

වෘකයින් 09 දෙනෙකුගෙන් යුත් රංචුවක් පළායාම හේතුවෙන් දකුණු දිග ප්‍රංශයේ ට්‍රොයිස් වැලීස් නැමැති සත්ත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ. අදාළ වෘකයින් සිය කූඩුවලින් පැන පළායාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් වෘකයින් සිව්දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව තහවුරු කරනතුරු එය තාවකාලිකව වසා දමා ඇති Read More

t

o

p