SAFF සත්කාරකත්වය ඉන්දියාවට ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන SAFF පාපන්දු තරගාවලියේ මෙවර සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබේ. මෙම තරගාවලිය 14 වැනි වරටයි 2023 වසරේ පැවැත්වෙන්නේ. ලෝක පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තහනම හේතුවෙන් මෙවර කලාපීය තරගාවලිය ම ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. SAFF කුසලාන තරඟාවලිය ජුනි 30 සිට ජූලි 3 දක්වා පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්නැයි ඉල්ලයි

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස එම සන්ධානය අදාළ ලිපියෙන් ඉල්ලා ඇත. මෙම තත්ත්වය සමනය කිරීම මෙන්ම කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් හා උත්තරීතර ව්‍යවස්ථාදායකයේ නියොජිතයින් ලෙස පැවරී Read More

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය Read More

පෙළපොත් මුද්‍රණයට රුපියල් බිලියන 16කට අධික මුදලක්

පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා Read More

ළමා පිළිකාවට වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් ගොදුරු වේ!

ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසන්නේ වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බවත්, ඉන් බහුතරය වන ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන ප්‍රතිශතය වැඩි බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කරයි. අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වන අතර, විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ Read More

මහජන බැංකුවේ ගිනුම් පවත්වාගෙන ගිය ඉන්ධන බෙදුම්කරුවන් පිරිසකගේ ගිනුම් නවතා ඇත

සංස්ථාව මගින් ඊයේ රාත්‍රි 12 සිට බෙදුම්කරුවන් විසින් ඉන්ධන තොග මිල දී ගැනීමට මහජන බැංකුව වෙත තැන්පත් කරන මුදල් ගිනුම් ගත කිරිම සම්පූර්ණයෙන්ම අහෝසිකර ඇත. ඒ් අනුව අද දින මුදල් ගෙවා ඇති බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකිවි ඇත. මේ පිළිබද ක්‍රියාත්මක වු ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය  මහජන බැංකුවේ සභාපතිතුමන්ව සහ සංස්‌ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර බෙදුම්කරුවන්ට Read More

වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ ගන්නේ නෑ

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට Read More

ICC ලැයිස්තුවේ පෙරළියක්

ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට අංක එකට පැමිණීමට සමත්ව තිබේ. ඉන්දීය කණ්ඩායමට එක්දින ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 114කි. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 267කි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 115කි. ICCයේ නවතම ටෙස්ට් Read More

ආදරවන්තයින්ගේ සංකේතය වන රෝස මල් කළඹක් රුපියල් 12,000යි

බොහෝ ආදරවන්තයින් එම ආදරයේ සංකේතය ලෙස යොදා ගන්නේ රෝස මල්. වෙනත් වසරවලදී රෝසමල් අලෙවිය සුලබව දැකිය හැකි දසුනක් වුණත් රටේ උග්‍ර ආර්ථික අර්බුදය අදවන විට ඊට හරස්වී තිබෙනවා. ආදරවන්ත හිත් එකතු කරන පෙම්වතුන්ගේ දිනයේදී ආදරණීය සැමරුමක් තමන්ගේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට ලබා දීම සම්ප්‍රදායක් වන තරමට අද ලෝකය වාණිජකරණය වෙලා. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මෙරට බොහෝ නගරවල Read More

රටවල් රැසක ණය ඉල්ලීම් ගැන සලකා බැලෙන අයි එම් එෆ් සාකච්ඡාවක් සිකුරාදා

චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ජී 7 කණ්ඩායමට අයත් රටවල නිලධාරීන් ලබන සිකුරාදා නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ. දැනටමත් මූල්‍ය අර්බුදයකට මුහුණ දී ණය පහසුකම් අපේක්ෂා කරන ඉතියෝපියාව, Read More

t

o

p