ශ්‍රී ලංකාවට සහනයක් ලබාදීමට අවධානය

ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) ආරම්භ වෙයි. G20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ මෙම සමුළුවේදී සලකාබැලීමට නියමිතය.

වනිඳු පාකිස්ථාන සුපර් ලීගයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ අනුව ඔහු වෙනුවට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කයිස් අහමඩ් කැදවීමට නියමිතයි. වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වනිදු හසරංග පාකිස්ථාන සුපර් Read More

වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති කියයි

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය Read More

අස්වැන්න වැඩි වී එළවළු මිල අඩුවෙයි

එළවළු මිල පහළ යාම හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි. ඉල්ලුමට සාපේක්ෂව මේ දිනවල සැපයුම ඉහළ යාම මෙම තත්වයට හේතුවී ඇති බවයි ඔහු කියා සිටියේ. මේ අතර බෝංචි හැර උඩරට සහ පහත රට එළවළු වර්ග රැසක මිල ගණන් අඩු මට්ටමක් සටහන් විය.

ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පනාගොඩ දී පැවසීය. ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්චාවකදී අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළේය. Read More

තුර්කියෙන් යළිත් මුදා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි

සිරියානු දේශසීමාවට ආසන්න දකුණු දිග තුර්කියේ හටායි ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනය හා ප්‍රබල පසුකම්පන තත්ත්වය හමුවේ විපතට පත් පිරිස් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. තුර්කි සහන සේවකයින් පවසන්නේ මීට සති 02 කට පමණ පෙර බලපෑ භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී තිබුණු ඇතැම් ගොඩනැගිලි ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටී ඇති Read More

අධිවේගි මාර්ගවල ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

අධිවේගි මාර්ගවල අයකරන ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, ඉතා සුළු මට්ටමකින් ගාස්තු ඉහළ දැමීම සිදුකරන බවත් එම නිලධාරියා අනාවරණ කළේ ය. ඔහු පැවසුවේ, නව ගාස්තු සංශෝධන මෙතෙක් සිදුකර අවසන් නොමැති බවයි.

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් යුක්රේනයට යයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණ ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අවසන් මොහොත දක්වා අප්‍රසිද්ධියේ සැලසුම් කර තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ. අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණ ඇත්තේ රුසියාව විසින් සිය යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කර පළමු වසර සම්පුර්ණ වීම සනිටුහන් වීමට ආසන්න වෙමින් පවතින අවස්ථාවකදීය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක්ද පවත්වා Read More

බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා – මහ බැංකු අධිපති

මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (20) කොළඹදී පැවති 33 වැනි වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයට එක්වෙමිනි. මෙවර වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයේ තේමාව වී ඇත්තේ, බාධා නොතකා – තත්ත්වයකටම අනුවර්ධනය වී බැංකු පද්ධතිය ඉදිරියට යාමයි. ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ Read More

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මාසයේ

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මස අවසානයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. විභාග කොමසාරිස්වරයා සදහන් කළේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් අයදුම් නොකිරීමෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි. මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ ගුරුවරුන්ට ලබාදෙන දෛනික දීමනාව ප්‍රමාණවත් නොවීමයි. මේ Read More

t

o

p