ලාෆ් ගෑස් මිලත් අඩුකරයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලාෆස් ගෑස් මිල වෙනස් කිරීමට ද එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290 අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,990ක් වෙයි. මේ අතර කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 516කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,596කි.

වෘත්තීය සමිති නායකයන් තම වත්කම් හංගයි

වත්කම් බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ව්‍යවසායක වෘත්තීය සමිති නායකයින් විසින් වාර්ෂිකව තම වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු නමුත් මෙතෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙකු විසින් එය ලබා දී නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ඒ අනුව ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කම්කරු අමාත්‍යාංශයේ Read More

ඉන්ධන කෝටාව ඉහළට

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව එම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. උත්සව සමයේ වැඩිවන ඉල්ලුම හේතුවෙන් ඛනිජ තෙල් ව්‍යවස්ථාපිත නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බැවින් එම තීරණය කිසිදු අපහසුතාවයකින් තොරව ක්‍රියාත්මක කළ Read More

මිල අඩු වූ Litro gas හි නව මිල

12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද(04) මධ්‍යම රාත්‍රියේ සිට රු.1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසයි. ඒ අනුව එහි නව මිල රු.3,738 ක්. ලිට්‍රෝ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ, 5Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු.402 ක මුදලකින් අඩු වන බවයි. ඒ අනුව එහි නව මිල වන්නේ රු.1,502 ක්. මීට සමගාමීව Read More

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රටේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරයි. පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අනුව කටයුතු කිරීම ගැන එළඹෙන (21) වනදාට පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ සදහන් වේ. ජාතික පාසල්වල 2 වසරේ සිට 4 වසර හා 7 වසරේ සිට 10 වසර Read More

වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙසේ මුහුදු මාර්ගයේ කොටසක් හදිසියේ ගිලා බැසීමට ලක්‌වෙයි.

වැල්ලවත්ත දුම්රියපොළ අසල කොලින්වුඩ් පෙදෙස මාර්ගය ඉදිරිපිට මුහුදුබඩ මාර්ගයේ දෙහිවල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන මුහුදු මාර්ගයේ කොටසක් හදිසියේ ගිලා බැසීමට ලක්වී ඒ මොහොතේ ඒ මතින් ගමන් කළ වැගන් ආර් රථයක් අනතුරට ලක්වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. මෙම ස්ථානයෙන් දුම්රිය මාර්ගයත් ප්‍රධාන මාර්ගයත් ආවරණය වන පරිදි අලුතින් මාර්ග ඉදිකිරීමේදී පැරණි බෝක්කුව වසා නොදමා අලුත් Read More

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්

දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවසුවේ, ඒ තුළ යම් ගැටලුවක් ඇතැයි අදාළ කමිටුව නිර්දේශ කළ හොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමුවන බවයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස Read More

වැඩිපුර ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් ගත් තීරණයක්

අද (03) සිට, අඩු වූ බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව කියා සිටියේ බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති බව ය.

ගෑස් මිල දාහකින් අඩුවෙයි

හෙට(4) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050 කින් පමණ අඩු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ. එම වර්ගයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්ථමාන මිල රුපියල් 4,743 ක් Read More

ළමුන් අතර වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක වැඩිවීමක්

මේ දිනවල දරුවන් අතර වෛරස් උණ ඇතුළු රෝග රැසක් ඉහළ යමින් පවතින බැවින් ඒ පිළිබඳව මවුපියන් සැලකිලිමත් විය යුතුයි. පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්‍ෂණ සහිත දරුවන් පිළිබඳ බොහෝ වාර්තා පළ වූ බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

t

o

p