විද්‍යුත් බස් රථ ආනයනයට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය

විද්‍යුත් බස් රථ 50 ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආධාර යටතේ එම බස් රථ ආනයනය කෙරෙන බවයි. විද්‍යුත් බස් රථ ආනයනය කරනතෙක් සුඛෝපභෝගී බස් රථ 50 ක් ආනයනය කරන බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ය.

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා (29) කොළඹදී පැවැත්විණ. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ Read More

ග්‍රාමීය නිවාස 25000 ක් සඳහා සූර්ය පැනල

ග්‍රාමීය නිවාස 25000 ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. පෞද්ගලික මුල්‍ය ආයෝජනයක් මත නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය මගින් අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව Read More

ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහය

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ. ප්‍රංශය Read More

බස්නාහිර ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, කඩින් කඩ වැසි ඇතිවීම සහ උණුසුම් කාලගුණය මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් වන බවයි. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 52ක් තවදුරටත් අවදානම් කාණ්ඩ ලෙස නම් කර ඇතැයි නලින් ආරියරත්න මහතා සඳහන් Read More

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් ගෙන්වීමට සැලසුම් කරයි

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ, ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මගහරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි. මෙරටට ආනයනය කරන ඖෂධ වෙනුවෙන් සාමාන්‍යයෙන් මාස 06 ක කාලයක් ගතවන Read More

මෙවර LPL තරගාවලියෙන් IPL හා සමාන අත්දැකීමක්

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ අයි.පී.එල්. හා සමාන අත්දැකීමක් මෙවර එල්.පී.එල් තරගාවලියේ දී ක්‍රීඩාලෝලින් වෙත ලබාදීමට උත්සාහ දරන බවයි. සෘණාත්මක භාවයකින් තොරව ක්‍රීඩකයින් දිරිගන්වා මෙවර තරගාවලිය සාර්ථක කර ගැනීමට උපකාරවන ලෙස ලේකම්වරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී. මේ අතර තිබෙන්නා වූ පුද්ගලික ප්‍රශ්න රටේ නීතියට අනුව Read More

2024 නව පාසල් වාරය පෙබරවාරි 21 ඇරඹෙයි

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා සිදු වූ ප්‍රමාදය ක්‍රමානුකූල ව යථා තත්වයට පත් කරමින් 2024 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. එසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී Read More

ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකයා දිවයිනට

ප්‍රංශයේ අති විශිෂ්ඨතම ” බැගට් “( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාළයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. යාපනය , තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි දර්ශන් සෙල්වරාජ් මහතා සිය දරු Read More

අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ 5.8 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. අද (29) අලුයම් කාලයේ මෙම භූකම්පනය සිදුව ඇති බවයි ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙම භූකම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

t

o

p