09 වැනි ජනපතිට තනිව ජයගන්න බැරිවෙයි

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය.1982 වසරේ සිට ආරම්භ වූ ජනාධිපතිවරණ වලදී පත්වූ සෑම අපේක්ෂකයෙකුම පළමු ඡන්ද ප්‍රතිඵලය අනුව තේරී පත්විය.මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනාට සෙසු අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල ඔවුනට ප්‍රකාශ කර ඇති මනාප වල පිහිට පැතීමට සිදුව ඇතැයි මැතිවරණ Read More

දෙවන මනාප ගණන් කිරීම ඇරඹේ

මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවනි මනාපය ගණන් කිරීම ආරම්භ කර තිබේ. පවතින තත්ත්වය මත ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර 50% සීමාව සඳහා සැළකියයුතු මට්ටමක පරතරයක් පැවතීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් එම උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වෙයි.

අමෙරිකානු තානාපති කාර්යාලය හෙට වැසෙයි: රජයේ විශේෂ නිවාඩු දිනයක්

මෙරට පිහිටා ඇති අමෙරිකානු තානාපති කාර්යාලය හෙට (23) දින වසා දැමීමට තීරණය කර තිබේ. ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් හෙට දින විශේෂ රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දෙයි.

ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ, දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8ත් 9ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, Read More

සාමකාමී ස්වභාවය ඉදිරියටත් පවත්වා ගන්න: මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්

මෙවර ජනාධිපතිවරණයට අදාලව පවතින සාමකාමී ස්වභාවය ඉදිරියටත් පවත්වාගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා තිබේ. මේ දක්වා කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරයි. තම වටිනා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ උනන්දුවක් දක්නට ලැබෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබේ.

9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ. මෙරට ඉතිහාසයේ Read More

හෙට දුම්රිය ධාවන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ම සිදුවන බව සඳහන් වෙයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතාගෙන් කළ විමසීමකදීයි ඔහු එලෙස අදහස් දක්වා තිබුණේ. ඒ අනුව, හෙට දිනයේ දී සුපුරුදු පරිදි සෙනසුරාදා දිනවලට ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවලට අදාළව ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් Read More

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙවර මැතිවරණ කාලය තුළ ඉතාම අවම මට්ටමක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ සියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇති බවයි. ඒ මහතා මේ බව සඳහන් කළේ වැඩසටහනකට එක්වෙමින් ය. එමෙන්ම, පූර්ණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙවර මැතිවරණ කාලය තුළ ඉතාම අවම මට්ටමක Read More

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්තවි මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ, චමරි අතපත්තුටයි. මෙම තරගාවලිය ලබන ඔක්තෝබර් මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතයි. හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා Read More

t

o

p