සුනාමියකට සූදානම් මට්ටම පරීක්ෂා කිරීමට අභ්‍යාසයක්

ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් 2023 ඔක්තෝබර් 04 බදාදා පැවැත්වීමට නියමිතව බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ Read More

ඉන්දියාවේ නව දිල්ලි නුවර ආශ්‍රිතව භූ කම්පනයක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර ආශ්‍රිතව භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ මූලික දත්තවලට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 6.2ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තත්ත්පර 40කට වැඩි කාලයක් මෙම භූකම්පනය පැවති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට

මෙම 2023 වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමීම මේ වනවිට ආරම්භ වී තිබේ. වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ Read More

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියි. Read More

නීති විරෝධීව විවිධ අලංකරණ උපාංග සවිකර තිබූ බස් වලට වැඩ වරදී

නීති විරෝධීව විවිධ අලංකරණ උපාංග හා විදුලි ආලෝකධාරා සවිකර තිබූ විශේෂ චාරිකා බස්රථ ඇතුළු බස්රථ 28 එරෙහිව තහනම් නියෝග නිකුත් කළ බව රථවාහන මූලස්ථානය ප්‍රකාශ කරයි. බස්රථ පනහකට අධික ප්‍රමාණයක් පොලොන්නරුව ශාන්තිපුර ප්‍රදේශයේ දී විවිධ ආලෝක ධාරා දල්වමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන අයුරු දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දිනවල සංසරණය විය. මෙම විඩියේව නිසා Read More

වෛද්‍යවරුන් රට හැර යද්දී පිටරට වෛද්‍යවරු වලස්මුල්ල රෝහල අගැයීමට ලක්කරති

අපේ වෛද්‍යවරු වැඩි කාසි සොයා පිටරට යද්දී පිටරටින් පැමිණි වෛද්‍යවරු අපේ රෝහල්වල කාර්යයන් ඇගැයීමට ලක්කරන්නේ නම් එය සුවිශේෂී අවස්ථාවකි. එවන් විශේෂ අවස්ථාවක් පසුගියදා වලස්මුල්ල මූලික රෝහලේදී දැකගත හැකිවිය. රට හැර නොගොස් රට වෙනුවෙන් කැපවන වෛද්‍යවරුන් කණ්ඩායමක් හා ඊටම කැපවූ කාර්ය මණ්ඩලයක් සමඟ ගුණාත්මක හා ප්‍රශංසනීය සේවාවක් ජනතාව වෙනුවෙන් කරනා වලස්මුල්ල මූලික රෝහල මෙලෙස ඇගැයීමට ලක්වූවේ Read More

ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව 07වැනිදා සිට

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර Read More

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (02) දහවල් නිකුත්කර තිබේ. ඒ, අනුව දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙයි.

ජනාවාස දිනය වෙනුවෙන් විශේෂ සතියක්

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් අද (02) සිට ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේය. ඒ අනුව ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතිය තුළදී ප්‍රතිලාභීන් 500 Read More

පන්සලයි පල්ලියයි පොලිසියයි රටට ම පෙන්නපු ආදර්ශය

මුස්ලිම් පල්ලියක් මගින් දෙනු ලැබු බත් දන්සලක් පිළිබඳ වාර්තා වන්නේ වැල්ලම්පිටිය මිතොටමුල්ලෙනි. ඒ නබි තුමාගේ ජන්ම දිනය සැමරිම නිමිතිකොට ගෙනය. වැල්ලම්පිටිය පරම ධම්මෝදය විහාරාධිපති විටියල කවිධජ හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මීතොටමුල්ල මුස්ලිම් පල්ලියේ මවුලවි දේශබන්දු ෆයිසර් කාරි තරුණ මුස්ලිම් සංගමය (මධ්‍යම කොළඹ) වැල්ලම්පිටිය පොලිසියේ ප්‍රජා පොලිස් අංශය සමඟ මීතොටමුල්ල ප්‍රදේශයේ සිංහල බෞද්ධ ද්‍රවිඩ ජනතාවගේ ද සහභාගිත්වයෙන් Read More

t

o

p