චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ තමන් ක්‍රිකට් අත්පොත් තැබූ පාසලට කෘතගුණ දැක්වූවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන චන්දිමාල් තමන්ගේ පෞද්ගලි ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදි කළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අද සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණා. දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි Read More

අවසරයකින් තොරව, අවාරේ සිරිපා කරුණාව තහනම් වෙයි

අවසරයකින් තොරව, අවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. අවාරයේදී කරුණා කිරීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව, දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කරයි. 2022 – 2023 ශ්‍රීපාද වන්දනා සමග අවසන් වීමත් සමග ශ්‍රීපාද්ස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ Read More

අද(01) සිට ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 10ක් තහනම්

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අද(01) සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බව වාර්තා වෙයි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් හඳුනාගනී

ශ්‍රී ලංකවේ වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි. එහි ප්‍රජා වෛද්‍ ඒකකයේ, විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනුයේ ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. “උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ ඇතිවන පිළිකා තමයි ළමා පිළිකා කියලා හඳුන්වන්නේ. Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. එසේම දෙවැනි වාරිකය ලබා ගැනී‍ම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් නිල සංචාරයෙන් Read More

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර ඇතිවීමේ අවධානමක්

නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙනෙස ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවිනි. ඊට අදාළ පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙයි.

දුම්රියේ වන අලි ගැටීම වළක්වන වැඩපිළිවෙළ ඇණහිට ඇති බවට පරිසරවේදීන්ගෙන් චෝදනා

වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන ඇණ හිට ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරයි. පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ, හබරණ දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම වැලැක්වීම සඳහා පසුගිය කාලයේ වැඩසටහන් රැසක් ආරම්භ කළ බවයි. ඒ යටතේ දුම්රිය මාර්ගයට ඉහළින් වන අලින්ට ගමන් කිරීම සඳහා පාලම් දෙකක් ඉදිකිරීමටද සැලසුම් Read More

වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ඇරඹෙයි

විගණන පනතේ නව ප්‍රතිපාදන යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ආරම්භ කළ බව ජාතික විගණන කොමිෂන් සභාව පවසයි. ජාතික විගණන කොමිසම සඳහන් කළේ, වංචාවක් හා දූෂණයක් හා අක්‍රමිතාවක් මගින් රජයට අලාභයක් සිදු කිරීම හා එය පවතින නීතියට පටහැනි ලෙස කිරීම යන චෝදනා දෙකට වරදකරුවන් වන පුද්ගලයින්ගෙන් අධිභාර අයකර ගන්නා බවයි. ඒ Read More

බිනර පොහොය අදයි

බුද්ධ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසලොස්වක පොහෝ දිනය අද(29)යි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී ශාසනය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසයේ හිමිවන්නේ වැදගත් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර Read More

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් පරීක්‍ෂණයක්

ධනුෂ්ක ගුණතිලක, ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ඊයේ (28) පස්වරුවේ පැවසීය. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට Read More

t

o

p