Lanka News Page

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකත්

මහා බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රබේදය වන B 1.1.7 UK ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. නව වෛරස ප්‍රබේදය ආසාදනය වූ රෝගීන් කොළඹ, අවිස්සාවේල්ල, බියගම හා වව්නියාව යන ප්‍රදේශවලින් හදුනාගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර Read More

වැලන්ටයින් කාලයේ එන වංචනික සමාජ මාධ්‍ය පණිවුඩ ගැන සැලකිලිමත් වන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දින සැමරුම් වෙනුවෙන් විවිධ වංචනික කටයුතු කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවට පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ඔබේ දුරකතනයට, සමාජ මාධ්‍ය ගිණුමට යම් පණිවුඩයක් එවමින් ආදරවන්තයෙකු හෝ ආදරවන්තියක විසින් වටිනා ත්‍යාගයක් එවා ඇති බවට පවසා එය ලබා ගැනීමට යම් මුදලක් තැන්පත් කරන Read More

බදුල්ල නගර සභාවේ පාලනය කොමසාරිස්වරයෙකු යටතට

බදුල්ල මහ නගර සභාවේ කටයුතු කොමසාරිස් පාලනයකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සඳහන් කළේ, නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව බලය පිහිටුවා Read More

අන්තර්ජාලයේ වංචනිකයින්ට හසුනොවන්නැයි පොලිසියෙන් ආදරවන්තයින්ට දැනුම්දීමක්

පෙබරවාරි 14 වන දිනට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය මුල්කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස පොලිසිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේවනවිටත් එවැනි සිද්ධින් කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා. එම නිසා එවැනි වංචනික පුද්ගලයින්ගේ වින්දිතයින් බවට පත්නොවන ලෙස තරුණ තරුණියන්ට පොලිසිය දැනුම්දෙනවා.

ට්‍රම්ප්ට එරෙහි විශ්වාසභංගය විභාග කිරීමට සෙනට් සභාවේ අනුමැතිය

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සදහා එරට සෙනට් සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනූව ඊයේ පැවති මත විමසීමේදී දෝෂාභියෝග නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට පක්ෂව ජන්ද 56 ක් සහ විපක්ෂව ජන්ද 44 ක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල දෝෂාභියෝග යෝජනාව ව්‍යවස්ථානුකූල බැවින් නඩු විභාගය ඉදිරියට Read More

දිවයිනේ සියලු පාසල් මාර්තු 15 සිට ඇරඹෙයි

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු මස (15) වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් Read More

මෙරට වැඩිම ආසාදිතයින් ගණන හමුවෙයි – ආසාදිතයින් 976 මරණ 05යි

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 370 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,201 දක්වා ඉහළ යයි.

කසකස්තාන Air astana මත්තලට

කසකස්තානයේ ජාතික ගුවන් සේවය වන air astana සිය මංගල ගමන පසුගියදා එරට අල්මාට් ජාතික ගුවන්තොටුපොළේ සිට මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණියේ සංචාරකයන් 2332 දෙනකු සමඟය. මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ කොවිඩ් 19 පරාජය කරමින් ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් Read More

රන්ජන් රාමනායකව බලන්න බන්ධනාගාර නිලධාරින් අවස්ථාව දුන්නේ නෑ. එය සිය මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් – දිලිප් වෙදආරච්චි

මන්ත්‍රීවරයෙකුට ඇති වරප්‍රසාදයන් වන රැදවියන් බැලීමට තිබෙන අවස්ථාව අගුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් කඩ කොට ඇතැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද (09) පාර්ලිමේන්තුවේදි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව හමුවෙන්න අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගිය ද ඊට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් සිය වරප්‍රසාද කඩවු බව කියමින් මෙසේද කීය. අපි 2021 .01.19 දින Read More

ක්‍රිකට් පරිපාලනයට ඇගිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ දෙන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ.

මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් කෙටි, මධ්‍යම සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. මෙරට  පාපන්දු ක්‍රීඩාවේ නිරතවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 02 ක් දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීවේය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 150 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ඒම අපේක්ෂාව බවත් Read More

t

o

p