Lanka News Page

මහනුවර පාසල් 18ක් නායයෑමේ අවදානමක

ඉදිරියේදී ආරම්භ වන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 18ක්ද ඇතුළුව දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යටතේ ක්‍රියාත්මක නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථාන හඳුනාගෙන තිබේ. මෙලෙස නාය යන ස්ථාන මාර්ග ආශ්‍රිතව මෙන්ම මාර්ග ආශ්‍රිත නොවන ගම්මානවලද තිබෙන බව Read More

අන්තර් ජාලය ඔස්සේ වහබ්වාදය හා අන්තවාදය ප්‍රවර්ධනය කළ 2 ක් අල්ලයි

අන්තර්ජාල වට්ස්අප් ගිණුමක් උපයෝගි කරගෙන වහබ්වාදී හා අන්තවාදී මත පැතිරූ තරුණයින් දෙදෙනෙකු කාත්තන්කුඩි හිදි පොලිස් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනෙ ඇත. මොවුන් 28 හා 29 හැවිරිදි වියේ පසුවන තරුණයින් බවත් පසුගිය නොවැම්බර් මස 21 දා මොවුන් කටාර් රාජ්‍යයේ සිට ලංකාවට පිටුවහල් කළ කණ්ඩායමේ සිටි 06 දෙනාගෙන් සොයාගත නොහැකි වූ දෙදෙනා බවත් පොලිසිය පවසයි. Read More

ඉඩම් ලියාපදිංචි කිරිමේ ගාස්තු ඇතුළු සේවා ගාස්තු ඊයේ (02) සිට 20% කින් වැඩිවේ.

ඉඩම් ලියාපදිංචි කිරිමේ ගාස්තුව ද ඇතුළුව ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු ඊයේ (01) දින සිට වැඩි කර ඇත. 2019 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරිම යටතේ මෙලෙස ගාස්තු වැඩි කරන බව දන්වමින් රෙජිස්ටාර් ජනරාල් විසින් 31 දා සවස ගාස්තු වැඩි කිරිමේ චක්‍රලේඛය සියළුම දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර්වරුන් වෙත යොමු කර තිබේ. ගාස්තු වැඩි කිරීමට පෙර මේ Read More

‘ඉ-ග්‍රාම නිලධාරි’ දෙවන අදියරට ග්‍රාම නිලධාරී වසම් 7,000ක්

ග්‍රාම නිලධාරීන් මඟින් ජනතාවට ලබා දෙන සේවා ආශ්‍රිතව එදිනෙදා රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය වන තොරතුරු රැස් කර තබා ගැනීමට හා පරිශීලනය කිරීමට අවශ්‍ය වන දත්ත පද්ධතියක් සකස් කිරීම පිණිස ‘ඉ-ග්‍රාම නිලධාරි’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 2016 සහ 2017 වර්ෂවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ග්‍රාම නිලධාරි වසම් 162ක ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘතියක ප්‍රතිඵල අනුව, දෙවන Read More

මෙක්සිකෝවේ කොවිඩ් මරණ සියයට 60කින් ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙක්සිකෝවේ කොවිඩ් මරණ සංඛ්‍යාව මීට පෙර වාර්තා වූවාට වඩා සියයට 60ක වැඩි වී ඇත. මේ වන විට මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. ඒ අනුව ලොව දෙවන වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන රට ලෙස මෙක්සිකෝව පත්ව තිබේ.

කොළඹ නගරයට උඩින් යන දුම්රියට අනුමැතිය හිමිවේ

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති මෙම දුම්රිය මාර්ග 04 ඉදිකරනු ලබන්නේ පෞද්ගලික සහ රජයේ ඒකාබද්ධ සංවර්ධන යෝජනා ක්‍රමයක් යටතේයි. එහිදී රක්ත Read More

අවුරුදු සමයේදී කුකුලා 800ක් වන ලකුණු

සහල් මාෆියාවට නොදෙවෙනි මාෆියාවක් කුකුල් මස් සඳහා ද නිර්මාණය වෙමින් පවතින නිසා සිංහල හිංදු අලූත් අවුරුදු සමය වනවිට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යා හැකි යැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක සදහන් කර සිටිනවා. සත්ව ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා සාමාන්‍ය නිෂ්පාදකයන් කුකුල් මස් සැපයීමෙන් ඉවත්වෙමින් සිටින බවත් Read More

චීන එන්නතට අනුමැතිය දීම ගැන වෛද්‍යවරු කළකිරෙති

චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති සිනෝපාම් (Sinopharm) එන්නත මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් විසින් එහි ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක නොමැති බව පවසා ශ්‍රි ලංකාවේ භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කර තිබියදී එම අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කොට එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම අත්තනෝමතික Read More

රසායනික අඩංගු පොල්තෙල් බවට සැක තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

විෂ රාසායනික අඩංගු බවට හෙළිව තිබෙන ආනයනික පොල් තෙල් බවට සැකපිට පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මෙලෙස පොල් තෙල් ලීටර් 27,500ක් සහිත බවුසර් දෙක ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත. තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, Read More

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක් Read More

t

o

p