Lanka News Page

යූ – ටියුබ් නාලිකාවක් හා වෙබ් අඩෙවියක් මගින් එල්.ටි.ටි.ඊ ය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනගාය බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යු-ටියුබ් නාලිකාව සහ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ ස්ථානයක් අද (29) දින පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථානය භාරව සිටි කාන්තාව හා පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගත් Read More

රේගුවේ ප්‍රමාදයෙන් විසිතුරු මසුන් ජීවිතක්ෂයට

ප්‍රති අපනයන ව්‍යාපෘතියකට අදාළව පුද්ගලික ආයතනයක් විසින් සිකුරාදා (26) මෙරටට ගෙන්වනු ලැබූ මඩුවන් ඇතුළු විසිතුරු මසුන් විශාල ප්‍රමාණයක් රේගු නිළධාරීන්ගේ ප්‍රමාදවීම් නිසා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. ධීවර හා ජලඡ සම්පත් දෙපාර්තමේන්තුවේ අවසරය මත මෙම මසුන් මෙරටට ආනයනය කර ඇත. මෙරටට ගෙන්වීමෙන් පසුව මෙම මසුන් නිදහස් කිරීමට ආනයනය හා අපනයන පාලකවරයාගේ අවසරය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත Read More

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක්…

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුළ රැස්වීමට සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට එහිදී එකඟතාවය පල විය. මෙම තීරණ ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය Read More

රිය අනතුරකින් පියා සහ දරු දෙදෙනා මරුට

යාපනය, පලෙයි, ඉත්තාවිල් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පියා හා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය පැවසූවේ මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය. අනතුරින් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 38ක් වන පියා, වයස අවුරුදු 14ක් හා 11ක් වන දරුවන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

අද (28) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ද ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල Read More

විදෙස්ගත ශ්‍රමිකයින්ට නොමිලේ නිරෝධායන පහසුකම්

‍මෙරටට පැමිණීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ගෙවීමේ හැකියාවක් නොමැති සියලු ශ්‍රමිකයින් නොමිලේ නිරෝධානය කිරීමට රජය තීරණය කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, ඒ සඳහා හෝටල් 15ක කාමර 800 ක් වෙන් කරගෙන ඇති බවයි. දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් සංඛ්‍යාව 35,000 කට ආසන්න වේ.

තෙන්ඩුල්කාර්ට කොරෝනා

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව තෙන්ඩුල්කාර්ට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ය.

පකිස්ථානයෙන් න්‍යෂ්ඨික බැලැස්ටික් මිසයිලයක්

පකිස්ථානය විසින් න්‍යෂ්ඨික බලය සහිත බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.ෂහීන් -1 ඒ ලෙස නම් කළ මෙම මිසයිලය මගින් කිලෝමීටර 900ක දුරකට පහර දිය හැකි බවයි. මෙම අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බවද එම වාර්තා තුල සදහන්.මෙය පකිස්ථානය විසින් නිර්මාණය කර ඇති දියුණුතම බැලැස්ටික් මිසයිලයයි. ඒ සම්බන්ධයෙන් පකිස්ථාන අගමැතිවරයා ද සුබපැතුම් පළ කර තිබුණා.

සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි

පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.   නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවට පත් නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17 ක් ඒකාබද්ධ කර අදාළ ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දෙනු Read More

2020 සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර අද(27) සිට

2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාල පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරයේ වැඩකටයුතු අද (27) දිනයේදී ආරම්භ වීමට නියමිතයි.    දිවයිනේ පාසල් 86 ක් සහ ඇගයීම් මධ්‍යස්ථාන 111 ඒ සඳහා සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p