Lanka News Page

කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවක් පත්කෙරේ.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සහ ඒ පිළිබඳ සොයාබලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ  සභාපතිත්වයෙන් යුතු  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්  පත් කරන බව කථානායක මහින්ද යාපා  අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 26 )  නිවේදනය කළේය. Read More

තැපෑලෙන් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණය වේ

තැපැල් මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණයකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉකුත් වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් මෙරටට එවා තිබූ පාර්සලයක සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට අනාවරණය වී තිබුණු අතර අදාළ පාර්සලය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකු පැමිණ Read More

අප්‍රේල් මුල් සතියේ පාර්ලිමේන්තුව දින 05 ක් රැස්වේ. මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා දවසක්ම වෙන්වේ.

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී. එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනි සඳුදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු  4.00 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ Read More

සේවා ස්ථානයේ මුදල් කොල්ල කෑ බවට බොරු පැමිණිලි කළ විධායක නිලධාරියෙක් අල්ලයි

කොල්ලකරුවන් දෙදෙනෙක් මුදල් පැහැරගත් බව කියමින් සිය සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙක් මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හෙයියන්තුඩුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 23ක මුදලක් සහ රුපියල් 84,000ක චෙක් පතක් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යන අවස්ථාවක බැංකුව අසලදී කොල්ලකෑ බව ට අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිලි කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය Read More

අන්තවාදි මත පැතිරූ අයෙක් හා ඊට මුදල් එකතු කළ අයෙක් ත්‍රස්ත මර්ධන ඒකකයෙන් අල්ලයි

අන්තවාදී මත පතුරවමින් ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.  ඉන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි.  ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් Read More

පොල්ගස් කැපීම නැවැත්වීමට නීතිමය පියවර ගන්නවා – වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

මාස කිහිපයක් ඇතුළත ගස් හෙලීමේ පනතට පොල් ගස ඇතුළත්කොට පොල් ගස් කැපීම සීමාකිරීමට ඉක්මනින් පියවර ගන්නා බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) පැවති වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය. ඉඩම් කට්ටිකර විකිණීමේදී විශාල වශයෙන් පොල් ගස් කැපීම සිදුවන බවත් පොල්ගස් ආරක්ෂාකිරීමට මෙම Read More

පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ත‍ා මන්ත්‍රීවරයන්ට කැමති භාෂාවකින් පමණක් ලබා ගත හැකියි – කථානායක මහින්ද යාපා අබේවර්ධන

පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ත‍ා මන්ත්‍රීවරයන්ට කැමති භාෂාවකින් පමණක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා සහ අනෙකුත් වාර්තා වල මුද්‍රිත පිටපත් භාෂාත්‍රයෙන්ම ලබා දීමේදී එක් එක් අමාත්‍යාංශය විසින් දැරිය යුතු අධික පිරිවැය සම්බන්ධයෙන් පසුගිය මාර්තු 17 වැනි Read More

ශ්‍රී ලංගමයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. මේ අතර, කාලාන්තරයක් තිස්සේ පවතින රියදුරු උපදේශක Read More

ගල්ලෙන් පොකුණ ආරණ්‍යයේ හිමියන් දාන වේල පිරිමහ ගන්නා විස්කෝතුත් “අලි කොල්ලෙක්”කොල්ල කාලා!

වයඹ පලාතේ දුෂ්කරම ගම්මානයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව, අදිකාරීගම, ගල්ලෙන් පොකුණ ආරණ්‍ය සේනාසනයේ දන්ගෙයට පසුගිය 16 වන දා අළුයම කඩා වැදුණු  වන අලියකු එහි තිබූ සහල්, සීනි, විස්කෝතු සහ කෙසෙල් ගෙඩි කාදමා පීරිසි පිඟන් බඩු පෙට්ටිය ද බිඳදමා එම ගොඩනැඟිල්ලට ද හානි කිරීම නිසා එහි වැඩ වෙසෙන එකම හිමි නම වන පූජ්‍ය අමුණුගම ධම්ම නිවාස Read More

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවේ වරාය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදු කරන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදි පැවති වාරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක Read More

t

o

p