Lanka News Page

වසර එකහමාරකට පසු රග්බි වසන්තය උදා වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහාමාරකට ආසන්න කාලයක් පසුබෑමට ලක් වී තිබූ මෙරට රග්බි ක්‍රීඩාව යළිත් පණ ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර, සුහද තරගය ඊයේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණ මහත්වරුන්ගේ Read More

තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට

තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ රැසක් අත්පත් කර ගනිමින් කාබුල් අගනුවරට ද ආසන්න වෙමින් සිටින පසුබිමකදී ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය අමතා තිබේ. ජනාධිපතිවරයා එලෙස ජාතිය අමතා ඇත්තේ, කාබුල් අගනුවරට කිලෝමීටර් 70 ක් පමණ දකුණු දෙසින් වන්නට පිහිටි ලොගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයත් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගැනීමෙන් පසුව ය. කාබුල් අගනුවරට එල්ල විය හැකි Read More

කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවකගේ සිය අත්දැකිම්

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට ඉන් සුවපත් වූ කාන්තාවක් සිය අත්දැකිම් හෙලි කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා මුව ආවරණය ගැලවීම රෝගය සෑදුන වයස් කාණ්ඩ : මාස 6 , අවුරුදු 7, 9,15, 24, 31, 35, 59, 67 සහ 95. Read More

ජොන්සන්ට අනුමැතිය

තනි මාත්‍රාවකින් යුත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවට ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා නිවේදනය කර තිබේ. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය හිමිවූ පස්වැනි කොවිඩ් මර්දන එන්නත මෙය වේ. ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහනකට හිමිකම් කියන ඉන්දියාව දින 208 ක් තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 500ක් ලබාදී ඇති බව එරට වාර්තා Read More

එන්නත්කරණයෙන් ඩෙල්ටා ව්‍යාප්තිය පාලනය කල නොහැකි තත්වයක්

කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ඩෙල්ටා වයිරසය ව්‍යාප්ත විම පාලනය කළ නොහැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් සිදුකරනු ලැබූ මූලික පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. කොවිඩ් වයිරසයේ සෙසු ප්‍රභේදවලට වඩා ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට වැලඳීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පසුගිය සතියේ අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ද ප්‍රකාශ Read More

වසර 13කට පසු ඉන්දීය ජාතික ගීය වැයෙයි

වසර 2008ට පසු ඔලිම්පික් ක්‍රීඩාංගණයක ඉන්දීය ජාතික ගීය වාදනය වූ අතර, ඒ නේරාජ් චොප්රා විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වීමෙනි. මෙය මෙවර ඔලිම්පික් උලෙළේ ඉන්දියාව දිනාගත් එකම රන් පදක්කම වේ. චොප්රා විසින් මීටර් 87.58ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් හෙල්ල විසි කිරීමෙන් ඉදිරියට පැමිණි අතර, ඔහු පසු පසින් චෙක් ජනරජයේ ක්‍රීඩකයෝ Read More

කොවිඩ් බලකාය තිබෙනතුරු වෙන්නේ මිනිස්සු මැරෙන එක පමණයි. – රනිල් වික්‍රමසිංහ

පවතින කොවිඩ් කාර්ය සාධක බලකාය තිබෙනතුරු අපට සිද්ධ වෙන්නේ මිනිස්සු මැරෙන එක බලාගෙන ඉන්න පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය. විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. ඩෙල්ටා වර්ගය දැං සීග්‍රයෙන් පැතිරෙමින් යනවා ලෝකෙ පුරා. අපිට මේක පාලනය කරන්න උවමනායි. විශේෂයෙන් එංගලන්තේ සහ ඊශ්‍රායලය කරපු පරීක්ෂණ Read More

රාජ්‍ය සේවයට සේවකයන් ගෙන්වීම සිමා කරන බව සෞඛ්‍ය රාජ්‍ය ඇමති කියයි

රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සලසා දීමටත්, රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම සතියකට මුර දෙකක් ලෙස කිරීමටත් තීන්දු කළ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද Read More

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත ගෙන්වා ගැනීමට ගුවන් යානා පහසුකම් සැපයීමට කම්කරු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ සහයෝගය

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ක්‍රියාවලියේ දී ගුවන් යානා පහසුකම් සැපයීමට අදාළව කම්කරු අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය මැදිහත් වී නොමැති නමුත් සෑමවිටම කිසිදු බාධාවකින් තොරව  සිය රටට පැමිණීමට ඔවුන්ට ඉඩ ලබා දී ඇතැයි අද පාර්ලිමේන්තුවේදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් Read More

කොරෝනා මැඩීමට රජය දැනට වැය කර ඇති මුදල රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි යි- මුදල් රාජ්‍ය අමාත්‍ය

පවතින කොරෝනා වසංගත තත්ත්වය සපුරා මැඩ පැවැත්වීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ඇතුළු සෙසු කටයුතු සඳහා මුදල් අමාත්‍යංශය විසින් මෙතෙක් වැය කොට ඇති මුදල  රුපියල් බිලියන දෙසිය පනහකට වැඩි බව අද පාර්ලිමේන්තුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය . ජනතාවගේ රජයක් වන වත්මන් රජය කිසිදු පැකිළීමකින් තොරව ජනතාවගේ ජීවිත සුරක්ෂාව සඳහා  මෙසේ මුදල් Read More

t

o

p