Lanka News Page

T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාවට අභියෝග

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන එළි දක්වා තිබේ. ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගින් තරග වැදීමටත් ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරග වදිනු ඇත. නැමීබියාව සහ අයර්ලන්තය සමග තරග අබුඩාබිහිදී පැවැත්වීමට Read More

‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේද 3ක්

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතීන් තුනක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බවට පර්යේෂකයන් තහවුරු කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. එම විකෘති වයිරස් SA 222 V, SA 701S සහ SA 1078 S ලෙස නම් කර ඇති බවත් ජාන කේතයන් වෙනස් වීම මඟින් මෙම Read More

කොරෝනා පනත සම්මතයි

කොරෝනා තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පස්වරුවේ සම්මත විය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (17) දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණ. විවාදය සඳහා යෝජනාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ අතර කොවිඩ් වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු යථා පරිදි පවත්වාගෙන යෑම, එවැනි අවස්ථාවලදී අධිකරණ කටයුතු Read More

අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි

කොවිඩ් හේතුවෙන් අද අපෙන් වෙන්වූවන්ගේ ගණන 160 කි. හෙට එයටත් වඩා අපේම ආදරණීයයන් පිරිසක් අපෙන් වෙන්වීමට නියමිතය. අද කොවිඩ් ආසාදිතයින් වූ ගණනද අධිකය . මේ දිනවල දිනපතාම මගේ පුද්ගලික දුරකථනයට එන ඇමතුම් වලින් අසා සිටියේ එක දෙයකි. “පුෂ්පා අපේ පවුලටම කොවිඩ්. මොකද කරන්නෙ”. ඒ අවස්ථා වලදී අපත් කොපමණ අසරණ වෙනවාද?. රෝහල්ද පිරෙමින් ඇත. මෝචරියද එසේමය. Read More

කොවිඩ් අවසන් වෙනකොට ආණ්ඩුවට යන්න පාරක් නැති වෙයි

කොවිඩ් 19 වසංගත තත්තවයත් එක්ක මේක ඇදගෙන යන්න එපා. ආණ්ඩුව මොකද එයාලාගේ වැඩ නවත්තලා නැහැ. එගොල්ලෝ එගොල්න්ගේ බිස්නස් කර ගන්නවා. සත විසිපහට බදු ගෙවලා සීනි ගෙනල්ලා වරායේ තියන් ඉඳලා සීනි 150 වුණාම ඒවා නිදහස් කරලා දෙනවා. රු. කෝටි 2500ක පමණ ශුද්ධ ලාභය යාලුවන්ගේ සාක්කුවට දාලා දෙනවා. නාවික හමුදාව පහුගිය අවුරුදු 5 තිස්සේ අවුරුද්දට කෝටි 600 Read More

වසර එකහමාරකට පසු රග්බි වසන්තය උදා වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහාමාරකට ආසන්න කාලයක් පසුබෑමට ලක් වී තිබූ මෙරට රග්බි ක්‍රීඩාව යළිත් පණ ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර, සුහද තරගය ඊයේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණ මහත්වරුන්ගේ Read More

තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට

තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ රැසක් අත්පත් කර ගනිමින් කාබුල් අගනුවරට ද ආසන්න වෙමින් සිටින පසුබිමකදී ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය අමතා තිබේ. ජනාධිපතිවරයා එලෙස ජාතිය අමතා ඇත්තේ, කාබුල් අගනුවරට කිලෝමීටර් 70 ක් පමණ දකුණු දෙසින් වන්නට පිහිටි ලොගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයත් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගැනීමෙන් පසුව ය. කාබුල් අගනුවරට එල්ල විය හැකි Read More

කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවකගේ සිය අත්දැකිම්

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට ඉන් සුවපත් වූ කාන්තාවක් සිය අත්දැකිම් හෙලි කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා මුව ආවරණය ගැලවීම රෝගය සෑදුන වයස් කාණ්ඩ : මාස 6 , අවුරුදු 7, 9,15, 24, 31, 35, 59, 67 සහ 95. Read More

ජොන්සන්ට අනුමැතිය

තනි මාත්‍රාවකින් යුත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවට ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා නිවේදනය කර තිබේ. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය හිමිවූ පස්වැනි කොවිඩ් මර්දන එන්නත මෙය වේ. ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහනකට හිමිකම් කියන ඉන්දියාව දින 208 ක් තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 500ක් ලබාදී ඇති බව එරට වාර්තා Read More

එන්නත්කරණයෙන් ඩෙල්ටා ව්‍යාප්තිය පාලනය කල නොහැකි තත්වයක්

කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ඩෙල්ටා වයිරසය ව්‍යාප්ත විම පාලනය කළ නොහැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් සිදුකරනු ලැබූ මූලික පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. කොවිඩ් වයිරසයේ සෙසු ප්‍රභේදවලට වඩා ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට වැලඳීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පසුගිය සතියේ අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ද ප්‍රකාශ Read More

t

o

p