Lanka News Page

මිනීපෙට්ටි නිසා හරි ජරමර

ගලෙන්බිඳුණුවැව නගරයේදී පොහොර ඉල්ලමින් ගලෙන්බිඳුණුවැව හුරුළු ගොවි සංවිධානයට ඒකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානය නියෝජිතයෝ විරෝධතාවක නිරත වූහ. ගොවියාගේ මළගම යන තේමාව යටතේ මිනීපෙට්ටියක් ඔසවාගත් විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරය පුරා සියලු විදී ඔස්සේ ගමන් කරමින් තමන්ට නිසි වේලාවට පොහොර දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටියේය. කහටගස්දිගිලිය කැකිරාව මර්ගය ඔස්සේ Read More

මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන එයි

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද අලුයම ගුවන් මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්. මෙවර මහ කන්නය වෙනුවෙන් නැනෝ නයිට්‍රජන් Read More

උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණයක්

ලබන මස පළමුවනදා සිට උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් සුදත් දියගුආරච්චි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඊට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

රුසියාවේ කොවිඩ් මරණ වාර්තාගත ලෙස ඉහළට

වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට රුසියාවේ දෛනික කොවිඩ් මරණ දහස ඉක්මවා තිබෙනවා. ක්‍රෙම්ලීන බලධාරීන් නිවේදනය කළේ බොහෝ පිරිස් එන්නත ලබා නොගැනීම හමුවේ එම තත්ත්වය උදා වී ඇති බවයි.

T20 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ පළමු වටයේ තරග අදින් ආරම්භ වනවා. ඕමානය හා පැපුවා නිව් ගිනියාව මෙරට වේලාවෙන් පස්වරු 3 යි 30 ට පළමු තරඟයට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දීි. දෙවැනි තරගයද අද පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරයි. ශ්‍රී ලංකාව ද පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර Read More

බිල් ක්ලින්ටන් රෝහල් ගතකරයි

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවය. ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පාර හදා දෙන්නැයි ගම්මු පාරට බසිති

අබලන්ව ඇති හොරණ – වගවත්ත මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා මාර්ගය හරහා ලී කොට යොදා හරස් කරමින් පසුගියදා උදෑසන වගවත්ත ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ. හොරණ ආයෝජන මණ්ඩලයේ කර්මාන්තපුරයට හා තවත් ගම් කිහිපයකට ගමන් කරනා ප්‍රධාන මාර්ගය මෙය වන අතර මේ හේතුවෙන් කර්මාන්තශාලාවල සේවයට පැමිණි සේවකයන් 500කට ආසන්න පිරිසක් සහ වාහන විශාල ප්‍රමාණයක් ගමන් කළ Read More

සහල් මිල වැඩිවෙයි

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ කීරි සම්බා වෙළෙඳ පොළට නොලැබෙන බව තොග වෙළෙන්දෝ පවසති. සහල් පාලන මිල ඉවත් කිරීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 115කටද, සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 140කටද, කීරි සම්බා සහල් කිලෝ Read More

රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා. ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්. කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඊයේ දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි.

කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය භාර දීලා

කිරි පිටි, ගෑස්, පාන් පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය සමාගම් වෙත පවරා දෙමින් අහස උසට මිල වැඩිකිරීමට ඉඩ දී කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය කිරීමට භාරදී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් දා පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට Read More

t

o

p