Lanka News Page

ශ්‍රී ලංකාවට පැමිණීමේ වීසා ලබාදීම විදේශ සමාගමකට පවරා නෑ – ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය

මෙරටට පැමිණීමට වීසා ලබාදීමේ හැකියාව විදෙස් සමාගමකට පවරා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවත් එවැනි කිසිදු වීසා ලබාදීමේ බලය පැවරීමක් දෙපාර්තමේන්තුව සිදු කර නොමැති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ඊයේ (18) පැවැසීය. මෙහිදී කිසිදු විටක වීසා දීමට අදාළ සමාගමට බලය පැවරීමක් සිදු කර නොමැති බවත් වීසා අනුමත කිරීමේ කාර්ය සම්පූර්ණයෙන්ම සිදු කරනු Read More

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ Read More

පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි. Read More

ස්වයං රැකියාවල නිරත අයට සතුටු හිතෙන ආරංචියක්

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය. ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ Read More

රුසියානු සොල්දාදුවන් 50,000ක් මරුට

යුක්‍රේනයේ දී රුසියානු සෙබලුන් 50,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී බී සී පුවත් සේවය පවසයි. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වී ඇති අතර දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මියගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙයි. එම තත්ත්වය තුළ රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සඳහන් Read More

ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලිය 21දා

මෙරට මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාවේ ප්‍රමුඛතම තරගාවලිය ලෙස සැලැකෙන ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය වසර 5ක විරාමයකට පසු ලබන 21 වැනිදා දියතලාව නරියකන්දේ දී පැවැත් වේ. ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 28 වැනි වරටය. අවසන් වරට 2019 අප්‍රේල් මස 21 වැනිදා පැවැති 27 වැනි තරගාවලිය එදින සිදුවූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් අතරමඟ නැවැත්වීමට සිදුවී තිබූ Read More

වසර 75කට පසු ඩුබායි යටවෙයි

වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ. මෙය වාර්තාවන්නේ වසර 75 කින් පසුව එක්සත් Read More

පින්නවල අලි නිවහනේ අලි උපතක්

පින්නවල අලි නිවහනේ උපන් 76 වන අලි පැටියා භරණ ලෙස නම් කර ඇත.ඉකුත් මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබුණු සතුට පිරුණ දවස උපන් මේ අලි පැටියා පින්නවල අලි අනාථාගාරයේ උපන් 76 වන අලි පැටියා ලෙස ලේඛනගත විය. ‘භරණ’ ලෙස නම තැබීම ඉකුත් 15 වැනි දිනට යෙදී තිබුණු හිස තෙල් ගෑමේ උත්සව අවස්ථාවේදී සිදු කෙරිණි. Read More

සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි

සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය වී තිබේ. මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණ ඊයේ (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ අද (17) දිනයේ ද නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කාර්යාලයේදී පැවැත්වේ. https://forms.gle/8DzuH5LUooxg4czE6 ඔස්සේ මාර්ගගතව ලබාගත හැකි අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙසත් සම්මුඛ පරීක්ෂණය Read More

t

o

p