රු.1,500/-ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් රු. 975/- ට සතොසින්

April 7, 2017

 උදාවන නව අවුරුදු සමයේ දී මහජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමන් විසින් දෙන ලද උපදෙස් අනුව රු.1,515/-ක් වටිනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රු.975කට ලබා දීමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් 10 වන දා  සිට 20 වන දා දක්වා වන කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස වෙළඳ සැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගික ජනතාවට මිල දී ගත හැකි වනු ඇත.

කිරි පිටි, සීනි, සහල් , පරිප්පු, අල, ළූණු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මලු ලක්ෂ 10ක් පමණ මෙම කාලය තුළ පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට රජය අපේක්ෂා කරයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මහජනතාවගේ ජීවන වියදම් අඩු කර ගැනීමට සහය දැක්වීමක් ලෙස රජය විසින් මෙම පියවර ගෙන ඇත.

රු.1515/-ක් පමණ වටිනා පහත සඳහන් අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සහන මිලට රු.975/-කට ලක් සතොස හරහා ලබා දීමට කටයුතු යොදා ඇත. මේ අනුව ආහාර මලු ලක්ෂ 10ක් පමණ මෙම අලුත් අවුරුදු කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබා දීමට අපේක්ෂා කෙරේ.

List

t

o

p