FCID යේ ඉහළ නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවීමක්

April 6, 2017

මෑත කාලීන ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ඉහළ නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි අරලියගහ මන්දිරයට කැදවේ.
මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහළ නිලධාරින් මෙසේ හදිසියේම අරලියගහ මන්දිරයට කැදවෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුවය.
මුල්‍ය අපරාධ කොට්ඨාශයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලැබුණු පැමිණිලි රැසක් පදනම් කර ගනිමින් මේ කැදවීම සිදු කරනු ලැබ තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන හා වියට්නාම සංචාරය නිමකර දිවයිනට පැමිණි වහාම මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහළම නිලධාරින් අරලියගහ මන්දිරයට කැදවිමට නියමිතය.

t

o

p