ඉකුත් රජය හම්බන්තොට වරාය විකුණූ ගිවිසුම අහෝසි කරන්න මට හා ජනපතිට හැකිවුණා – අගමැති රනිල්

April 6, 2017

හම්බන්තොට වරාය හවුල් ව්‍යාපාර ගිවිසුම සකස් කරද්දි එහි ප්‍රතිලාභ වසර 10 කට පසු මෙරටට 40% ක් සහ චිනයට 60% ක් ලෙස වැඩි වෙන ලෙස සකසන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය චිනයට අලෙවි කිරිමේ කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරිමේ ගිවිසුමක් සකස් කිරිමට එකඟ වී ඇති බවත් කී අගමැතිවරයා එම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තිරණයකට පැමිණු පසු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බවද කීවේය.
අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහ්පෙරුම මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදි අගමැතිවරයා මෙසේද කීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ රජයේ විදේශ ඇමති ජි.එල් පිරිස් හා චින විදේශ ඇමතිවරයා සමඟ අත්සන් කළ ගිවිසුම තමයි මේ වරාය විකුණපු ගිවිසුම. එම ගිවිසුම රටම විකුණමින් අත්සන් කර තිබු ලියවිල්ලක්. එම ගිවිසුම දේශපාලනික වශයෙන් අහෝසි කිරිමට මා සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකි වුනා.
හම්බන්තොට වරාය පමණක් නොවෙයි පසුගිය රජය රක්ෂණ සංස්ථාව සහ මෙරට රෝහල් පවා විකිණිමට කටයුතු කර තිබුනා. ඒ බව හිටපු කෝප් කමිටු සභාපති විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වාර්තාවල තිබුණා.
2012 වසරේදි චින එක්සීම් බැංකුව තමයි හිටපු ජනාධිපතිවරයා මේ වරාය ඉදිකිරිමට ණය ගත්තේ. ණය වාරික නොගෙවා සිටිමට මාස 48 ක සහන කාලයක් ලැබුණා. 2016 සිට ණය වාරික ගෙවිය යුතුයි. එක වාරිකයක් හරි නොගෙව්වොත් ඩොලර් කෝටි 140 ක් එකවර ගෙවන්න ඕනේ.
චින ජනාධිපතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ වෙනත් ගිවිසුමකට ගියා. එම ගිවිසුම ප්‍රකාරව සියයට 35.2 ක් ලංකා රජයටත් සියයට 64.94 ක් අනෙක් පාර්ශවයටත් හිමි වෙනවා. මේ අනුව වැඩි කොටසක් දුන්නා පමණක් නොවෙයි ඩොලර් බිලියන 2.76 ක පොලියක්ද ඊට එක්කර තිබුණා. තරඟකාරි යටිතල පහසුකම් ප්‍රවර්ධනය නොකිරිමටත් එකඟ වී තිබුණා.
අපගේ රජය අත්සන් කළ නව ගිවිසුමට අනුව මේ වන විට රුපියල් කෝටි 30 ක ණය ගෙවා අවසන් කර තිබෙනවා. පසුගිය රජයේ ගිවිසුම් අනුව වරාය ලබාදීම කාල නිර්ණය නොකර සින්නක්කරව විකුණා තිබුණා. එය තමයි මේ රජය අහෝසි කළේ.
පසුගිය රජය මේ වරාය ඉදිකළේ ඉන්ධන ලබා ගැනිමට නැව් පැමිණිමෙන් ලැබෙන ලාභය බලාපොරොත්තුවෙනුයි. නමුත් නැව් ආවේ නැහැ එහෙම නැව් එන්නේ නැහැ. හම්බන්තොට වරාය ලාබ ලබයි කියලා හිතුවත් එක නැවක් වත් ආවේ නැහැ. අලෙක්සැන්ඩ්‍රා පාරේ පෙට්‍රල් ෂෙඩ් එක වගේ වෙයි කියලා තමයි හිතුවේ.
හවුල් ව්‍යාපාරයක් අපි ඇති කරන්න ගත්තේ මේ නිසයි. ඩොලර් කෝටි 110 ක් මේ ගිවිසුම අත්සන් කිරිමෙන් ලැබෙනවා. එයින් අපේ ණය ඒ පමණට අඩු වෙනවා. අපෙන් අවුරුදු 99 කට බදු ඉල්ලන්නේ වරාය නගරය සින්නක්කර දුන්න නිසයි.
2005 න් පස්සේ ගත්ත ණය ලෙස ඩොලර් කෝටි 3770 ක් ගෙවන්න තියෙනවා. වසරකට ඩොලර් කෝටි 330 ක් ගෙවන්න තියෙනවා. 2038 වෙනකම් ගෙවන්න තියෙන මේ ණය තමයි අපි අඩු කරගන්න යන්නේ. එදා මුහුදේ ආරක්ෂාව පවා චිනයට හිමිවෙන ලෙස තමයි දුන්නේ. නමුත් අද අපි සියලූ ආරක්ෂක කටයුතු නාවික හමුදාවට පවරලා දිලා තියෙනවා.

t

o

p