මානව හිමිකම් ගැන ඇමරිකාවේ ආකල්පයට අප එකඟවන්නේ නෑ

March 19, 2014

Prof G.L. Peirisමේ රටේ මානව හිමිකම් ගැන ඇමරිකාවේ ආකල්පයට අප එකඟ නොවන බවත් අභිමානයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව ලොකු හෝ පොඩි වුණත් මේ රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකළ කළ හැක්කේ මේ රජයට බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද‍ (19) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මානව හිමිකම් යෝජනාවලට එකඟ නොවනු ඇත. ඒ අය විකල්ප රජයක් ලෙස මේ රටේ අභ්‍යන්තර කටයුතු ගැන තීරණ ගැනීමට උත්සාහ කරයි. පිටස්තර ආණ්ඩු තීරණ ගැනීම ගැන අප එකඟ වෙන්නේ නැහැ. මේ රටේ අභ්‍යන්තර කටයුතු ගැන ඒ රටවල් විසඳුම් ඉදිරිපත් කරයි. ඒ අනුව අප කටයුතු කළ යුතු නැති බවත් මෙරට බලතල විදේශීය ආණ්ඩුවලට භාර දෙන්න අවශ්‍ය නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරිය නිල වශයෙන් 2012 මාර්තු මස ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනා ගෙන ඒමට පෙර පළමු හමුවේදී LLRC වාර්තාව ක්‍රියාත්මක කිරීම ගැනත් අපේ රටේ ලබා ඇති ප්‍රගතිය ගැනත් සතුටු විය. සංචාරකයන් මෙහි පැමිණීම ගැන අවධානය ඉවත් කර විශ්වාසය ඇති කිරීමටත්, උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බවට කරන ලද ප්‍රකාශය හා ඒ වන විටත් උතුරේ ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම ගැනත් සතුට ප්‍රකාශ කළාය. යුද්ධය අවසානයේ අවතැන් පිරිස 296,000ක් හිටියා. ඔවුන් යළි පදිංචි කිරීම් කර ඇත. 14,000ක් දෙනා අවි ආයුධ ගෙන රජයට විරුද්ධව කටයුතු කළ අතර ඔවුන් පුනරුත්ථාපනය කර ගම් බිම් කරා යැව්වා. මානව හිමිකම් යෝජනා ගැන එකඟ නොවුවා කියා ඇමරිකාව සමඟ ඇති සබඳතා බිඳ වැටෙන්නේ නැහැ. ආරක්ෂක, ආර්ථික, උසස් අධ්‍යාපන මේ සියල්ල ගැන යහපත් සබඳතාවක් දෙරට අතර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Courtesy: Department of Government Information

The Editor

Previous story Next story

Leave a comment

t

o

p