අවසන් තරඟය ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම 1-1 ලෙස තරඟාවලිය සම කරයි

April 1, 2017

ශ්‍රි ලංකාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති තෙවනි හා අවසාන එක්දින තරඟය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩාය සමත් විය. මේ අනුව තරඟාවලිය 1-1 ලෙස සම කිරීමට ශ්‍රි ලංකාවට හැකි විය.

අද තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 9ක් දැවී ලකුණු 280 ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රි ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 54 හා තිසර පෙරේරා වේගවත් 52ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංගලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට පන්දුවාර 44.4 කදී සියළුම දෙනා දැවී ලබා ගතහැකි වූයේ ලකුණු 210ක් පමණි.

තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමිවූ අතර තරඟාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හිමි කර ගත්තේය.

t

o

p