ජිනීවාහිදී ශෂීදරන් කර ඇති සාවද්‍ය ප්‍රකාශ ගැන ඇමතිවරු අප්‍රසාදය පළ කරති

March 20, 2014

douglas devanandaහිටපු එල්ටීටීඊ ක්‍රියාකාරිකයෙකු වූ එලීලන්ගේ බිරිඳ ආනන්දි ශෂීදරන් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කර ඇති ප්‍රකාශ ගැන අප්‍රසාදය පළ කරන කැබිනට් ඇමතිවරු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පවතින සැබෑ තත්ත්වය ගැන මෙරට සහ පිටරටවල්වල තානාපති කාර්යාල මගින් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ආනන්දි ශෂීදරන් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ද්වේෂසහගත ප්‍රකාශ කර ඇති බව සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමති ඩග්ලස් දේවානන්දා මහතා සටහනක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

එල්ටීටීඊයට ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට  ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වූ බව විශ්වාස කෙරෙන ඇය මානව හිමිකම් කවුන්සිලයේදී රජයට විරුද්ධව සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් උතුරු පළාතේ පවතින සැබෑ තත්ත්වයට  පටහැනිව මුළුමනින්ම විකෘති චිත්‍රයක් පෙන්නුම්  කිරීමට ක්‍රියා කර ඇති බව ඇමති ඩග්ලස් දේවානන්දා මහතා සිය සටහනින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන දෙකකට වෙන් කළ කාලය යොදා ගනිමින් ඇය රජයේ ප්‍රතිරූපය කෙළසීමට සහ මෙම සැසියේදී අන්තර්ජාතික ප්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමට එසේ කර ඇත.

Courtesy: Department of Government Information

The Editor

Previous story Next story

Leave a comment

t

o

p