ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව වර්ෂාව දිය කර හරී

March 29, 2017

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28දා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට දෙවන ඉනිම ආරම්භ කරන අවස්ථාවේ හදිසියේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.5 කදී ලකුණු 311 ක් රැස් කළ අතර බංගලිදේශය ලකුණු හඹා යාමට පිටියට පිවිසීමට සූදානම් වන අවස්ථාවේ වර්ෂාව පතිත විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 107 කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 102 ක් වාර්තා කරමින් සිය පළමු එක්දින ශතකය ලබා ගත්තේය.
බංගලිදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 4 ක් බිඳ දැමීමට ටස්කින් අහමඩ් සමත් විය.
Scouer-tabale

t

o

p